බලශක්ති ඇමතිත් CID යයි.. ඉංජිනේරු උපාධිය පෙන්වයි..

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා, තම අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ අසත්‍ය ප්‍රචාර විමසීම සඳහා රහස් පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම අසත්‍ය ප්‍රචාරයන් නිසා තමන්ගේ පෞරෂය හා ආණ්ඩුවේ කීර්ති නාමයට දැඩි හානියක් සිදුවන බවයි. ඒ මහතා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ලබාගත් උපාධි සහතිකය මාධ්‍ය හමුවේ ප්‍රදර්ශනය කරමින්, තම අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව පැහැදිලි කිරීමක් කළේය.

මෙම අසත්‍ය තොරතුරු සමාජ ජාල ඔස්සේ පැතිරී ඇති අතර, කුමාර ජයකොඩි මහතා ඉංජිනේරු උපාධිය සම්පූර්ණ කළ පුද්ගලයෙකු නොවන බවට වාර්තා කිහිපයක් පළවී ඇත. එවැනි වාර්තා අසත්‍ය බවත්, නිවැරදි තත්ත්වය පිළිබඳව පරීක්ෂණයක් සිදු කරනු ඇති බවත් අමාත්‍යවරයා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form