බස් වර්ජනයක්.. Clean Sri lanka පොලිස් මෙහෙයුම්වලට විරෝධය..

පොලිසිය විසින් බස් රථ සඳහා සිදුකරනු මෙහෙයුම් හේතුවෙන් ඇතිවන ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව එළඹෙන සතියේදී වැඩ බලන පොලිස්පතිවරයා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.

එම සාකච්ඡාව පැවැත්වන තුරු පෞද්ගලික බස් රථ හිමියන් එන සතිය සිදුකිරීමට සැලසුම් කර තිබූ වර්ජනය තාවකාලිකව අත්හිටුවන බවද එහි සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටී.

නව තත්වය හමුවේ තම කර්මාන්තය පවත්වාගෙන යාමේ ගැටළුවකට මුහුණ දී ඇති බවත් පොලිසියට හෝ කිසිවෙකුට මෝටර් රථ ආඥා පනතට පරිභාහිරව කටයුතු කල නොහැකි බවත් ඔහු සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form