බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවයේ (NHS) එන්නත් සහ ඖෂධ ගබඩා කර ඇති ශීතකරණ පද්ධතිවලට චීන හැකර්වරුන්ගෙන් තර්ජනයක් පවතින බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ විශේෂඥයින් අනතුරු අඟවයි.
‘සුරක්ෂිත තාක්ෂණය පිළිබඳ සන්ධානය’ (Coalition on Secure Technology) පෙන්වා දෙන්නේ මෙම ශීතකරණ පද්ධති අන්තර්ජාලයට සම්බන්ධ කිරීමට යොදාගන්නා උපාංග බොහොමයක් චීනයේ නිෂ්පාදිත ඒවා බවයි. මෙමගින් බීජිං පාලනයට දුරස්ථව ශීතකරණවල උෂ්ණත්වය වෙනස් කිරීමට හෝ ඒවා ක්‍රියාවිරහිත කිරීමට හැකියාව ලැබෙන බව ඔවුහු පවසති. එන්නත් සහ රුධිර සාම්පල නිසි උෂ්ණත්වයක පවත්වා නොගතහොත් ඒවා භාවිතයට ගත නොහැකි වන බැවින් මෙය රෝගීන්ගේ ජීවිතවලට බරපතළ අවදානමක් බව වාර්තා වේ.