බිඳ වැටුණු WhatsApp, Facebook සහ Instagram යළි යථා තත්ත්වයට

මෙටා සමාගමේ සියලු සමාජ මාධ්‍ය සේවා ලොවපුරා බිඳ වැටීමකට ලක්විය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රටවල් කිහිපයක WhatsApp, Facebook සහ Instagram බිඳ වැටීම මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බවයි.

මෙටා සමාගමේ සියලු සමාජ මාධ්‍ය සේවා බිඳ වැටීම හේතුවෙන් පැය ගණනාවක් යනතුරු පරිශීලකයින්ට සිය සමාජ මාධ්‍ය ගිණුම් වෙත ප්‍රවේශ වීමේ අවහිරතා මතුවිය.

X පණිවිඩයක් නිකුත් කරමින් මෙටා සමාගම සිය සමාජ මාධ්‍ය පරිශීලකයින්ට දැනුම් දුන්නේ තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් මෙම බිඳ වැටීම සිදුව ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් මෙටා සමාගම සිය සමාජ මාධ්‍ය ගිණුම් පරිශීලනය කරන්නන්ගෙන් සමාව අයැද සිටියේ ය.

ඊයේ (11) පස්වරුව වනවිට Facebook අවහිරතා සම්බන්ධයෙන් පරිශීලකයින් 22,000 ක් පමණ වාර්තා කර තිබූ අතර, 18,000 ක් පමණ WhatsApp පරිශීලකයින් ද ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ.

සියලු සමාජ මාධ්‍ය බිඳ වැටීම සම්බන්ධයෙන් පැමිණිලි ලක්ෂයකට වඩා ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

කෙසේ වෙතත් මෙටා සමාගම දැනුම් දෙන්නේ ඊයේ (11) බිඳ වැටුණු සිය සේවා සැපයුම මේ වනවිට සියයට 99 ක් පමණ යථා තත්ත්වයට පත් කර ඇති බවයි.

මෙටා සමාගමේ සමාජ මාධ්‍ය ගිණුම් බොහෝමයක් ලොවපුරා ඉතා ප්‍රචලිත අතර, මාසිකව Facebook  පරිශීලනය කරන සක්‍රීය පිරිස බිලියන තුනකට අධික වේ.

2021 වසරේදී ද මෙටා සමාගම මෙවැනිම ලොවපුරා සිය සේවා බිඳ වැටීමකට මුහුණ දුන්නේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form