බීමතින් රිය පැදෙව්වොත් ලැබෙන දඬුවම ?

ශ්‍රී ලංකාවේ සිදුවන රිය අනතුරුවලට එක් ප්‍රධාන ම හේතුවක් වනුයේ බීමතින් රිය පැදවීමයි.

උත්සව සමයේ බීමතින් රිය පදවන රියදුරන් සොයා කරනු ලබන මෙහෙයුම් පොලිසිය විසින් තීව්‍ර කරනු ලැබ ඇත.

බීමත් රියදුරන් පරීක්ෂා කරනු ලබන ස්වසන පරීක්ෂණ කට්ටල 150,000ක් ලංකාවට ආනයනය කර පොලිස් ස්ථානවලට බෙදා හැර උත්සව සමයේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුම් දියත් කර ඇතැයි පොලිසිය සඳහන් කළේය.

දෙසැම්බර් 25 වැනිදා උදෑසන 6 සිට 26 වැනිදා උදෑසන 6 දක්වා දිවයින පුරා දියත් කළ මෙහෙයුම් 623කින් බීමතින් රිය පැදවූ පුද්ගලයින් 395 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form