මහින්ද සමරසිංහ ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති තනතුරේ තවදුරටත්.
හිටපු අමාත්‍යවරයෙකු වන මහින්ද සමරසිංහ මහතා ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති තනතුරේ තවදුරටත් කටයුතු කිරීම සඳහා රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
මෙම පියවර ගෙන ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සමඟ පැවැත්වෙන සාකච්ඡා හේතුවෙන් බවත්, එම සාකච්ඡා සඳහා තානාපති මට්ටමේ සම්බන්ධතාවය නිසි අයුරින් ගෙනයාමට මෙය උදව් වන බවත් සඳහන්ය.
කෙසේ වෙතත්, පසුගිය කාලසීමාවේදී රජය තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු 16 දෙනෙකු යළි කැඳවා තිබේ.