මාලිමාවට බලය හිමි බලන්ගොඩ නගර සභාවේ සභාපති ඉල්ලා අස්වෙයි

ජාතික ජනබලවේගයට බලය හිමි බලන්ගොඩ නගර සභාවේ සභාපති කේ.ජී. ප්‍රේමදාස මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ අද (06) පැවති මාසික සභා රැස්වීමේදීය.

සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන බලන්ගොඩ නගර සභාවේ මාසික රැස්වීම ආරම්භ වූ අතර සභාපතිවරයා සාමාන්‍ය පරිදි සභාව පවත්වාගෙන යනු ලැබීය.

එහිදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් සභාව පවත්වාගෙන ගිය අතර පස්වරුවේදී සභාපතිවරයාගේ කතාව න්‍යාය පත්‍රයේ අවසන් අවස්ථාව විය.

එහිදී සිය කතවා පවත්වමින් සභාපතිවරයා අදහස් දක්වමින් පැවසුවේ තමා සභාපති ධුරයෙන් පෞද්ගලික හේතු මත ඉල්ලා අස්වන බවය.

කෙසේ නමුත් සභාවේ මන්ත්‍රීවරුන් සභාපතිවරයාට ඉල්ලා අස්නොවන ලෙස දැන්වූ නමුත් සභාපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දන්වා ඔහුගේ නිල කාමරයට ගොස් සිය බෑගය රැගෙන සභාවෙන් පිටත්ව ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form