මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තා භාරදීම සඳහා ලබාදුන් කාලය හෙටින් අවසන් 

එළඹෙන පළාත් පාලන ජන්ද විමසීමට අදාළ ව මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තා භාරදීම සඳහා ලබාදුන් කාලය හෙටින් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසා සිටිනවා .

ඒ අනුව සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන්ට, අපේක්ෂකයන්ට සහ ස්වාධීන කණ්ඩායම්වලට මේ බව දැනුම් දුන් බවයි මැතිවරණ කොමිෂන් සභාව දන්වා සිටියේ.   

එම වාර්තාව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට ලබාදිය යුතු බව අදාළ නිලධාරීන්ට දැනුම්දී  තිබෙනවා. 

මැතිවරණ කොමිසම සඳහන් කළේ 2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත යටතේ අපේක්ෂකයන් මැතිවරණ ප්‍රචාරණ ආදායම් හා වියදම් වාර්තා වෙන වෙනම ඉදිරිපත් කළ යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form