රටේ භෞතික සංවර්ධනයට සමගාමීව සමාජයේ යහපැවැත්ම සහ ස්ථාවරභාවයද අතිශය වැදගත් වන බවත්, ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති විෂ මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කරමින් රටේ අනාගත පරපුර එයින් මුදා ගැනීම සඳහා සියලුදෙනා තම වගකීම් ඉටු කළ යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, විෂ මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් මුලිනුපුටා දැමීම සඳහා ආරම්භ කර ඇති “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේ තෙවන සැසිය, ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්ගේ සහභාගීත්වයෙන් අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අවස්ථාවට එක් වෙමිනි.
දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම, වැටලීම් පුළුල් කිරීම, ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය, මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම අරමුණු කරගත් නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ මත්ද්‍රව්‍යවලට එරෙහිව ප්‍රජාව සවිබල ගැන්වීම යන බහුවිධ ප්‍රවේශයන් හරහා මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම මෙම ජාතික මෙහෙයුමේ අරමුණ බව මෙහිදී පැහැදිලි කෙරිණි.
“විෂ මතින් තොර රටක් – සතුට පිරි හෙටක්” යන තේමාව යටතේ ක්‍රියාත්මක “ඉවත් වෙමු – රටම එකට” ජාතික මෙහෙයුම, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ බෙදාහරින්නන්ට එරෙහිව දැවැන්ත සමාජ බලපෑමක් ගොඩනැගීමත්, මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් පුනරුත්ථාපනය කිරීමත් ඉලක්ක කරගනිමින් රජය, ආරක්ෂක අංශ, සිවිල් සංවිධාන සහ මහජනතාව එක්ව ක්‍රියාත්මක කරයි.
මෙහිදී මේ වන විට සිදුකර ඇති වැටලීම්, අත්අඩංගුවට ගැනීම් සහ පුනරුත්ථාපන ක්‍රියාවලියේ ප්‍රගතිය පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර, ඊට කැපවී කටයුතු කරන සියලු ආයතන, නිලධාරීන් සහ ජනතාවට ජනාධිපතිවරයා සිය ස්තූතිය පළ කළේය.
2025 ජනවාරි 01 සිට 2026 ජනවාරි 05 දක්වා කාලය තුළ,
- හෙරොයින් – කිලෝග්‍රෑම් 1,821.174
- අයිස් – කිලෝග්‍රෑම් 3,865.710
- ගංජා – කිලෝග්‍රෑම් 17,189.377
- කොකේන් – කිලෝග්‍රෑම් 38.958
- මත් පෙති සහ මත් කරල් – 4,049,569ක්
අත්අඩංගුවට ගෙන ඇති බව මෙහිදී අනාවරණය විය.
පසුගිය සාකච්ඡාවලදී ගත් තීරණ අනුව, අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග කඩිනමින් විනාශ කිරීම සඳහා නව නීති සකස් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් දුන් අතර, දැනට පවතින මත්ද්‍රව්‍ය තොග විනාශ කිරීමේ ප්‍රගතියද මෙහිදී සමාලෝචනයට ලක් විය.
එමෙන්ම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගේ සමාජීය තොරතුරු හඳුනා ගැනීම සඳහා දත්ත රැස් කිරීමේ සමීක්ෂණයක් සිදු කිරීම, මෙම ජාතික වැඩසටහන ඉදිරියට පුළුල්ව ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන ආයතන, රාජ්‍ය ආයතන, ස්වේච්ඡා හා කලා සංවිධාන ඒකාබද්ධ කරගත් ශක්තිමත් යාන්ත්‍රණයක් සකස් කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.
ගම හා ආගමික සිද්ධස්ථාන අතර ඇති සබැඳියාව ප්‍රයෝජනයට ගනිමින්, ආගමික නායකයන්ගේ සෘජු දායකත්වයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු විය.