රථවාහන ධාවනය සම්බන්ධයෙන් පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

රථවාහන තදබදය අවම කිරීම සඳහා ආලෝක සංඥා පුවරු අක්‍රීය කර රථවාහන හැසිරවීම අත්හිටුවමින් වැඩ බලන පොලිස්පතිවරයා කලින් නිකුත් කළ චක්‍රලේඛය ඉවත් කරමින් ආලෝක සංඥා පුවරු අක්‍රීය කර රථවාහන හැසිරවීමට පොලිස් නිලධාරීන්ට යළි හැකි බවට අලුත් චක්‍රලේඛයක් වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් නිකුත් කර තිබෙනවා.

මේ පිළිබඳව කළ නිරීක්ෂණවලදී රථවාහන තදබදය වැඩිවන බව පෙනී ගොස් ඇති නිසා මෙම පියවර ගෙන ඇති බවත් ඉදිරියේදී මොරටුව විශ්වවිද්‍යාලය හා අනෙකුත් පාලන ආයතන සමග සම්බන්ධීකරණය වී රථවාහන ගමනාගමනයට ගැළපෙන පරිදි ආලෝක සංඥා පුවරු යාවත්කාලීන කිරීමට තීරණය කර ඇති බව ද එහි සඳහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form