රාජ්‍ය සේවකයින්ට එරෙහි පහරදීම් වලට දැඩි පියවර

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ, රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව සිදුවන වැරදි හා පහරදීම් සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මෙම තීරණය ගනු ලැබුවේ, පුත්තලම ප්‍රදේශයේ වනජීවි දෙපාර්තමේන්තු නිලධාරියෙකුට, හිටපු මන්ත්‍රීවරයකුගේ සමීපතමයකු රාජකාරි වේලාවේදී පහරදීමට උත්සාහ කළ සිදුවීමක් හේතුවෙනි.

පුත්තලමේ වන අලි අභය භූමියක රාජකාරියේ නිරත වනජීවි නිලධාරියෙකුට මෙම සමීපතමයා පහරදීමට තැත් කර ඇති අතර, පසුව එම නිලධාරියා සතු අලි පලවා හැරීමට භාවිත කරන රාජකාරි ගිනි අවිය පැහැර ගැනීමටද උත්සාහ කර ඇත.

මේ හේතුවෙන්, දිවයින පුරා රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව සිදුවන වැරදි හා රාජකාරියට බාධා කිරීම් පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින්, වගකිව යුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form