වැඩිම වැස්ස මුලතිව් දිස්ත්‍රික්කයට

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් රාත්‍රී 8.00 පැයට නිකුත්කරන ලද නිවේදනයට අනුව වැඩිම වර්ෂාපතනය මුලතිව් දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

එම මධ්‍යස්ථානය නිවේදනය කළේ, මුලතිව් දිස්ත්‍රික්කයේ අලපිලි ගොවිජන සේවා මධ්‍යස්ථානය ආශ්‍රිතව මෙම මි.මී 135.5ක වාර්ෂාපතනයක් ලැබී ඇති බවය.

මේ අතර, කොළඹ දිස්ත්‍රික්කයේ සාලව ප්‍රදේශයට මි.මී 108.5ක් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පූනරීන් ප්‍රදේශයට මි.මී 102.5ක වර්ෂාපතනයක් ලැබී තිබේ.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගෝමරන්කඩවල ප්‍රදේශයට මි.මී 72.5ක වර්ෂාපතනයක් ලැබී ඇති බව සඳහන්ය.

ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ, අවිස්සාවෙල්ල පෙන්රිත් වත්ත ප්‍රදේශයට මි.මී 50.5ක වර්ෂාපතනයක්, බදුල්ල – වැලිමඩට වැවේගම ප්‍රදේශයට මි.මී 50.40ක් සහ මාතර මාකඳුර ප්‍රදේශයට මි.මී 50ක වර්ෂාපතනයන් ලැබී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form