සහන මිලටත් වඩා අඩුවෙන් සහල් වෙළඳපොළට එයි..

වතුකරයේ ජනතාවට හැටන් සතොස ශාලාව වෙතින් නාඩු සහල් කිලෝවක් රු 220 ක සිල්ලර මිලකට (08) දින සිට අලෙවි කරනු ලබයි.

කීරි සම්බා කිලෝවක් රු 260, රතු කැකුළු රු 210 යන සිල්ලර මිලකට හැටන් සතොස ශාඛාව වෙත පැමිණෙන පාරිභෝගිකයන්ට ලබාදෙන අතර, සෑම පාරිභෝගිකයෙකුටම සහල් කිලෝ පහ බැගින් නිකුත් කරන බවයි හැටන් සතොස ශාඛාවේ නිලධාරින් කියා සිටියේ.

සතොස ශාඛාවට (08) දින අවශ්‍ය තරම් සහල් තොග ලැබි තිබුණු නමුත්, පොල් තොග ලැබි නොමැති බවයි එම නිලධාරින් කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form