කතානායකට එරෙහිව විශ්වාසභංගයක්.. අවසානයක් නැති ආචාර්ය ගැටලුව..

කථානායක අශෝක රන්වල මහතා පවසා ඇති පරිදි තම අධ්‍යයන සුදුසුකම්වල සත්‍යතාව පැහැදිලි කිරීමට අපොහොසත් වුවහොත් විශ්වාසභංගයක් ගෙන ඒමට සලකා බලන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසයි.

අශෝක රන්වල මහතා බලයට පත්වීමට සහ කථානායක ධුරය ලබා ගැනීම සඳහා මෙම ආචාර්ය ධුරය භාවිත කර ඇති බවත් එල්ල වන චෝදනාවන්ට නිසි පිළිතුරක් ඔහු මෙතෙක් ලබා නොදීම ගැටලු සහගත බවත් මන්ත්‍රීවරයා සදහන් කරයි.

කථානායකවරයා සිය ආචාර්ය උපාධිය රටට පෙන්විය යුතු බවත් නැතහොත් ජනතා විමුක්ති පෙරමුණ විනය තීරණයක් ගත යුතු බවත් හෙතෙම මාධ්‍ය හමුවක් අමතමින් පැවසුවේය.

“එතුමා ඡන්දේ ඉල්ලද්දී පත්‍රිකාවල ගැහුවෙත්, පෝස්ටර්වල ගැහුවෙත්, කටවුට්වල ගැහුවෙත් ආචාර්ය කියලා. එතුමා පාර්ලිමේන්තුවට පත් වෙලා අග්‍රාමාත්‍යතුමිය එතුමාගේ නම කථානායක ධූරයට යෝජනා කරද්දිත් යෝජනා කරේ ආචාර්ය රන්වල කියලා. එමෙන්ම එතුමාට ආචාර්ය උපාධියක් නීත්‍යානූකුලව ඇතනම් එය ඔප්පු කිරීමට එතුමාට ශක්තිය, ධෛර්යය ලැබේවා මම ප්‍රාර්තනා කරනවා. පක්ෂවල ඒ කියන්නේ සමගි ජන බලවේගයට අමතරව අනෙකුත් පක්ෂ සමඟත් අපි මේක සාකච්ඡා කරනවා. මේක අපේ පාර්ලිමේන්තුවේ ගෞරවය පිළිබඳ විශාල ප්‍රශ්නයක්”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form