ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) විසින් ආනයනය කරන ලද බොරතෙල් බැරලයක් සඳහා ඇමෙරිකානු ඩොලර් 286 ක මුදලක් ගෙවා ඇති බවට සමාජ මාධ්‍ය සහ ඇතැම් පුවත් වාර්තා මගින් පැතිර යන තොරතුරු අසත්‍ය බව එම සංස්ථාවේ සභාපතිවරයා අවධාරණය කරයි.
සභාපතිවරයා පෙන්වා දෙන්නේ සංස්ථාව කිසිදු අවස්ථාවක එවැනි අධික මිලකට බොරතෙල් මිලදී ගෙන නොමැති බවයි. පවතින ලෝක වෙළඳපොළ මිල ගණන් යටතේ විනිවිදභාවයකින් යුතුව මෙම මිලදී ගැනීම් සිදුකරන බවත්, මෙවැනි අසත්‍ය ප්‍රචාර මගින් මහජනයා නොමඟ යැවීමට උත්සාහ කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.