බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවයේ ශීතකරණවලට චීන හැකර් තර්ජනයක්?

බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවයේ (NHS) එන්නත් සහ ඖෂධ ගබඩා කර ඇති ශීතකරණ පද්ධතිවලට චීන හැකර්වරුන්ගෙන් තර්ජනයක් පවතින බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ විශේෂඥයින් අනතුරු අඟවයි.

‘සුරක්ෂිත තාක්ෂණය පිළිබඳ සන්ධානය’ (Coalition on Secure Technology) පෙන්වා දෙන්නේ මෙම ශීතකරණ පද්ධති අන්තර්ජාලයට සම්බන්ධ කිරීමට යොදාගන්නා උපාංග බොහොමයක් චීනයේ නිෂ්පාදිත ඒවා බවයි. මෙමගින් බීජිං පාලනයට දුරස්ථව ශීතකරණවල උෂ්ණත්වය වෙනස් කිරීමට හෝ ඒවා ක්‍රියාවිරහිත කිරීමට හැකියාව ලැබෙන බව ඔවුහු පවසති. එන්නත් සහ රුධිර සාම්පල නිසි උෂ්ණත්වයක පවත්වා නොගතහොත් ඒවා භාවිතයට ගත නොහැකි වන බැවින් මෙය රෝගීන්ගේ ජීවිතවලට බරපතළ අවදානමක් බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form