ජනතාවට දැනෙන ප්‍රමාණයකට ඖෂධ මිල අඩු කරනවා – සෞඛ්‍ය ඇමති
ජනතාවට දැනෙන ප්‍රමාණයකට ඖෂධ මිල අඩු කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (06) පාර්ලිමේන්තුවේදී පැවසීය. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේ ආණ්ඩු පක්ෂයෙන් විවාදය ආරම්භ කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. වැට් බදු සහ විදුලි බිල සහනය සමඟ ඖෂධ නිෂ්පාදකයන් සහ ඖෂධ ආනයනකරුවන් සමඟ සාකච්ඡා කර...