SL Mirror

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

රට පුරා සියලුම සුරාසැල් වැසෙයි

දිවයින පුරා සියලුම සුරාසැල් හෙට (04) දිනයේ වසා තැබෙන බව වාර්තා වනවා. ඒප77 වන ජාතික නිදහස් සමරු උත්සවය හෙටට යෙදී තිබීම හේතුවෙන් බවයි පැවසෙන්නේ.

හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙකු වන දේශමාන්‍ය හැරී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කලක සිට රෝගාතුරව සිටි ඒ මහතා මිය යන විට 82 වන වියේ පසු විය. දොන් හැරල්ඩ් ස්ටැසන් ජයවර්ධන හෙවත් හැරී ජයවර්ධන මහතා 1942 අගෝස්තු 17 වැනි දින ජා-ඇළ ප්‍රදේශයේ දී උපත ලබා ඇත. 2008 වසරේදී ශ්‍රී ලංකාවේ පොහොසත්ම පුද්ගලයා ලෙස ලැයිස්තු අතරට එක්ව...

අද කාලගුණය

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහමාතරදිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

T20 සුපිරිම ජයක් ඉන්දියාවට

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි 5වන හා අවසන් විස්සයි20 ක්‍රිකට් තරගයෙන්ද ලකුණු 150ක වාර්තාගත ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (02) රාත්‍රියේදී හැකිවිය. මෙය ජාත්‍යන්තර විස්සයි20 තරගයකදී පූර්ණ සාමාජික රටක් ලකුණු පරතරය අනුව ලැබූ දෙවන හොඳම ජයග්‍රහණය ලෙස වාර්තා අතරට එක්විය. වන්කඩේහිදී පැවති මෙම තරගයේ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 9ක් දැවී රැස්කළ ලකුණු 247ට පිළිතුරු ලෙස එංගලන්තයට...

වැඩ බලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ධුරයට විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර්

වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස මෙම අධිකරණයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා වන විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් මහතා පත් කර ඇත. ඒ අනුව වැඩ බලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීම ඊයේ (02) සිදු විය.

ජාතික පුනරුදයට පෙළ ගැසෙමු – 77 වන නිදහස් දිනයට සියල්ල සූදානම්

‘ජාතික පුන­රු­ද­යට පෙළ­ගැ­සෙමු’ තේමාව යටතේ 77 වැනි නිද­හස් උත්ස­වය නිද­හස් චතු­රස්‍ර පරි­ශ්‍රයේ දී අභි­මා­න­වත් අන්ද­මින් පැවැ­ත්වී­මට සියලු කට­යුතු සූදා­නම් බව රාජ්‍ය පරි­පා­ලන, පළාත් සභා හා පළාත් පාලන අමා­ත්‍යාං­ශය පව­සයි. අඩු පිරි­වැ­ය­කින්, මහ­ජ­න­තා­වට සිදු වන පීඩා අවම වන අන්ද­මින් හා වැඩි ජන සහ­භා­ගි­ත්ව­ය­කින් යුතුව මෙවර නිද­හස් දින උත්ස­වය පැවැ­ත්වී­මට අමා­ත්‍යාං­ශය සැල­සුම් කර තිබේ. හමුදා සාමා­ජි­ක­යන් 1,873කට...

අලි – මිනිස් ගැටුමට විසඳීමට දේශීය නව නිපැයුමක්

ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුවක් බවට පත් ව ඇති අලි – මිනිස් ගැටුමට විවිධාකාර වු විසදුම් සොයන පසුබිමක ඒ සදහා විද්‍යාත්මක විසදුමක් ලෙස සාර්ථකත්වයක් ලබා ඇති දේශිය අලිවැට පද්ධතියක් නිර්මාණය කිරිමට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ජාතික ඉංජිනේරු හා සංවර්ධන මධ්‍යස්ථානයේ ( NERDC ) ඉංජිනේරුවන් විසින් සමත්ව ඇත. නියමු ව්‍යාපෘතියක් ලෙස වීරවීල එළිමහන් කදවුරේදි ඉදිකෙරුණු මෙම අලිවැට...

අප්‍රේල් මස සිට රාජ්‍ය සේවක වැටුප් 7,500කින් ඉහළට

රජයේ සේවකයන්ගේ වැටුප් විෂමතා සොයා බැලීම සදහා පසුගිය රජය පත් කරන ලද උදය ආර්.සෙනෙවිරත්න කමිටු වර්තාවේ නිර්දේශයන් ද සලකා බලා වැටුප් විෂමතාව ඇති නොවන පරිදි පිළිගත් ක්‍රමවේදයකට අනුව මෙවර අයවැයේදී වැටුප් වැඩි කෙරෙන බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසනවා. ඒ අනුව දැනට පවතින වැටුප් තල අනුව, රුපියල් 7,500 ත් 10,000 ත් අතර මුදලක් මූලික වැටුපට...

අද කාලගුණය

දිවයිනේ වැසි තත්ත්වයේ අඩුවීමක් අද (02) දිනසිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මඩකලපුව, අම්පාර සහ මුලතිව් දිස්ත්‍රික්කයේ ස්වල්පයක් ඇති විය හැක. රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ,...

හදිසියේම ජීවනී බලන්න ගිය සෞඛ්‍ය ඇමති

“අඛණ්ඩ ‘ජීවනී’ සැපයුමක් වෙළඳපොළ තුළ පවත්වාගෙන යාමට නව යන්ත්‍රසූත්‍ර ස්ථාපිත කර නිෂ්පාදන ධාරිතාවය කාර්යක්ෂම කළ යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසිය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අයත් රත්මලාන ගබඩා සංකීර්ණයේ සහ නිෂ්පාදන ඒකකයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි. පාචනය හා වමනය නිසා ඇතිවන විජලනය වළක්වාලීම සඳහා...
1 28 29 30 31 32 97

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form