සහන මිලටත් වඩා අඩුවෙන් සහල් වෙළඳපොළට එයි..
වතුකරයේ ජනතාවට හැටන් සතොස ශාලාව වෙතින් නාඩු සහල් කිලෝවක් රු 220 ක සිල්ලර මිලකට (08) දින සිට අලෙවි කරනු ලබයි. කීරි සම්බා කිලෝවක් රු 260, රතු කැකුළු රු 210 යන සිල්ලර මිලකට හැටන් සතොස ශාඛාව වෙත පැමිණෙන පාරිභෝගිකයන්ට ලබාදෙන අතර, සෑම පාරිභෝගිකයෙකුටම සහල් කිලෝ පහ බැගින් නිකුත් කරන බවයි හැටන් සතොස ශාඛාවේ නිලධාරින් කියා සිටියේ....