සිරියාවේ පාලනය කැරළිකරුවන් අතේ… සිරියා ජනපති ඩැමස්කස් අගනුවරින් පලායයි..
සිරියා ජනාධිපති බසාර් අල් අසාද් ඩැමස්කස් අගනුවරින් පලාගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. සිරියා කැරළිකරුවන් ඩැමස්කස් අගනුවරට ඇතුළු වී ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය සති දෙකක කාලය පටන් කැරළිකරුවන් ජනාධිපතිවරයාට විරෝධය දක්වමින් සටන් ආරම්භ කළා. ඔවුන්ගේ ප්‍රහාරයන් හමුවේ රජයේ හමුදා පසුබැසීමටයි පියවර ගත්තේ. ඊයේ දිනයේදී හොම්ස් නගරය අත්පත් කර ගැනීමට ඔවුන්ට හැකිවූ අතර ඩැමැස්කස්...