චීනයේ නීතිවිරෝධී ධීවර ක්‍රියාකාරකම් ගැන අමෙරිකාවෙන් දැඩි චෝදනා
නීතිවිරෝධී, වාර්තා නොකළ සහ නියාමනය නොකළ (IUU) මසුන් ඇල්ලීමේ ක්‍රම භාවිත කරන ලොව විශාලතම අපරාධකරු ලෙස චීනය පත්ව ඇති බව එක්සත් ජනපදයේ ජ්‍යෙෂ්ඨ නීති සම්පාදකයින් පිරිසක් විසින් නිකුත් කළ විමර්ශන වාර්තාවක සඳහන් වේ. එම වාර්තාවට අනුව, චීනයේ මෙම ක්‍රියාකාරකම් ගෝලීය ආහාර ආරක්ෂාවට, සමුද්‍ර පරිසර පද්ධතිවලට සහ එක්සත් ජනපද ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල කර ඇති...