ඉන්දියාව–නවසීලන්ත තුන්වන එක්දින තරඟයෙන් නවසීලන්තයට ජය
එක්දින තරඟාවලියේ ජයත් නවසීලන්තය සතු කරගනී ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැති තීරණාත්මක තුන්වන එක්දින ක්‍රිකට් තරඟයෙන් ලකුණු 41ක ජයක් ලබා ගැනීමට නවසීලන්තය සමත් වූ අතර, ඒ සමඟ එක්දින තරඟාවලියද Black Caps සතු විය. මුලින් පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 8ක් දැවී ලකුණු 337ක් ලබා ගත්තේ ඩැරල් මිචෙල් සහ ග්ලෙන් ෆිලිප්ස්ගේ අතිවිශිෂ්ට ශතක දෙකේ දායකත්වය මතය. ඩැරල්...