බාල ගල් අඟුරු වල අහිතකර බලපෑම් ගැන ප්‍රශ්නවලට පිළිතුරු දීමට සූදානම් නැහැ – පරිසර ඇමති
ප්‍රමිතියෙන් තොර හෝ බාල තත්ත්වයේ ගල් අඟුරු භාවිතය හේතුවෙන් ඇති විය හැකි පරිසර හා සෞඛ්‍ය බලපෑම් පිළිබඳව රජය කරුණු පැහැදිලි කිරීමට සූදානම් වන්නේ, ඒ සම්බන්ධයෙන් පැහැදිලි හා විශ්වාසනීය සාක්ෂි ඉදිරිපත් වුවහොත් පමණක් බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. කල්පිටිය ප්‍රදේශයේ ජනතාවට බාල ගල් අඟුරු දහනයෙන් සිදුවිය හැකි අහිතකර බලපෑම් වැළැක්වීම...