දේශපාලන

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

නාමල්ගෙන් සුවිශේෂ X පණිවිඩයක්

පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ, ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන විදේශ ආධාර හසුරවා ඇති ආකාරය සම්බන්ධව පරීක්ෂණයක් කළ යුතු බවයි. ශ්‍රී ලංකාවට පමණක් මෑත වසරවලදී USAID ආයතනයෙන් ඩොලර් මිලියන ගණනක මුදල් සහ ප්‍රධාන ලැබුණු බව‍යි, සිය “X” ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ. ඔහු සිය නිවේදනයේ සඳහන් කර තිබෙන්නේ, ලොව පුරා ව්‍යාපෘති...

අතුරුදන් වූවන්ගේ ඥාතීන් යාපනේ දී විරෝධතාවයක

නිදහස් දිනය වන අද (04) දිනයේ දී උතුරු ජනතාව එම ප්‍රදේශයේ තැනින් තැන කළු කොඩි ඔසවා විරෝධතාවයක නිරත විය. තමන්ගේ අතුරුදන්වූ ඥාතීන් නොමැතිවීම හා උතුරේ අහිමි වූ සිය ඉඩම් නොමැතිව ඔවුන්ට නිදහසක් නොමැති බව පවසමින් උතුරු ජනතාව මෙලෙස කළු කොඩි ඔසවමින් විරෝධතා වැඩසටහනක් සංවිධානය කර තිබුණි. එලෙසම යාපනය විශ්වවිද්‍යාලයේ ද කළු කොඩි ඔසවා කළු පටි පැළඳගෙන...

සහල් මාෆියාව පාලනය කිරීමට පියවර ගන්නවා – සුනිල් හඳුන්නෙත්ති

මහ කන්නයේ වී මිලදී ගැනීම සදහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මේ වන විට වී අලෙවි මණ්ඩලය වෙත ලබා දී ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඒ අනුව කඩිනමින් වී අලෙවි මණ්ඩලය විසින් වී මිලදී ගැනීමේ කටයුතු ආරම්භ කරනු ඇති බවය. ඊයේ රාත්‍රි විකාශය වූ රූපවාහිනී සජීවී වැඩසටහනකට එක්වෙමින්...

ජාතික පුනරුදයට පෙළගැසෙමු – 77 වන නිදහස් දිනය අදයි

ජාතික පුනරුදයට පෙළගැසෙමු යන තේමාව යටතේ පැවැත්වෙන 77 වන නිදහස් දින සැමරුම අදට (04) යෙදී තිබේ. නව දේශපාලන සංස්කෘතියක් සහ නව ප්‍රවේශයක් මේ රටට අවශ්‍ය බව කියමින් පසුගිය සමයේ පෙළගැසුණු ජනතාවගේ අපේක්ෂාවන් ඉටුකරමින් මෙවර නිදහස්දින උළෙල පැවැත් වේ. ජාතික නිදහස් දින ප්‍රධාන සැමරුම් උළෙල කොළඹ, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අභිමානවත්ව හා චාම් අයුරින් ජනාධිපති අනුර කුමාර...

සියලු භේද දුරලා අර්ථාන්විත වෙනසක් සිදු කිරීමට අත්වැල් බැඳගනිමු – අග්‍රාමාත්‍යවරියගේ නිදහස් දින පණිවිඩය

මෙම ‍ඓතිහාසික දිනයේ දී සියලු භේද දුරලා අර්ථාන්විත වෙනසක් සිදු කිරීමට අප සියලු දෙනා එකට අත්වැල් බැඳගනිමුයැයි ඉල්ලා සිිටින බව බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය සිය නිදහස් දින පණිවිඩය නිකුත් කරමින් පවසයි. සෑමදෙනාගේම අයිතිවාසිකම් රැකෙන පරිදි සහ සියලු දෙනාගේ වටිනාකමක් දැනෙන ලෙසට ජීවත් විය හැකි රටක් ගොඩනඟන බවට පොරොන්දු වන බවද අග්‍රමාත්‍යවරිය සිය නිදහස් දින...

ජනපතිගේ නිදහස් දින පණිවුඩය

අපගේ අනාගත පරපුර උදෙසා අප දේශය නව ස්ථරයක් වෙත ඔසවා තැබිය යුතු බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අදට යෙදී තිබෙන 77 වන නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කර තිබේ. එම නිදහස් දින පණිවිඩය මෙසේයි. අද දින අප 77 වන ජාතික නිදහස් දිනය සමරන්නේ අලුත්...

වැඩ වැරදුනු අර්චුනා

රථ වාහන වැරදි සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාට එරෙහිව ලබන මැයි 28 දින අධිකරණය හමුවේ චෝදනා ගොනු කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය, පොලිසියට අද (03) නියෝග කර තිබෙනවා. ඒ, මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ සිද්ධියට අදාළ නඩුව අද (03) යලි කැඳවූ අවස්ථාවේදීයි. මෙහිදී වලංගු...

වැඩ බලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ධුරයට විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර්

වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස මෙම අධිකරණයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා වන විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් මහතා පත් කර ඇත. ඒ අනුව වැඩ බලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීම ඊයේ (02) සිදු විය.

හිටපු ජනපති මහින්ද නිවස රජයට ලබාදිය යුතුයි – ජනපති

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට පදිංචි නිවස රජයට ලබාදිය යුතු බවත් අවශ්‍ය නම් සුදුසු නිවසක් ලබාදීමට සූදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ගල්ගමුව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට සිටින නිවස කිසිසේත්ම ඔහුට ලබානොදෙන බවය. “ආයුබෝවන්… මොකද තත්ත්වේ? හොඳද? සතුටුයි… හොඳයි. අවුරුදු ගණනක සිටි...

නාමල් පොහොට්ටුවෙන් හෙට සිට වැඩ අරඹයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන “නාමල් සමග ගමින් ගමට” වැඩසටහන හෙට (02) දින ආරම්භ කිරීමට නියමිතව ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසුවේ, හෙට උදෑසන අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අසලින් ආගමික කටයතු සිදුකර ආගමික වතාවක් සිදුකිරීමෙන් අනතුරුව මෙම කටයුතු ආරම්භ කිරීමට සූදානම් කර ඇති බවයි. ඒ අනුව හෙට දහවල්...
1 9 10 11 12 13 29

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form