නවතම පුවත්

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

අපරාධ පරීක්‍ෂණ සහ අපරාධ හදුනා ගැනීම ගැන පොලිස්පතිගෙන් අනාවරණයක්

අපරාධ පරීක්ෂණ සහ අපරාධ හඳුනා ගැනීම සියයට 50 ත් 60 අතර ගණනකින් ඉහළ ගොස් ඇති බව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා. පසුගිය වසරේ සිදුකරන ලද වැටලීම්වල දී වැඩිම අවි ආයුධ සංඛ්‍යාවක් පොලිස් භාරයට ගෙන ඇති බවත්, එය 2024 දී පොලිස් භාරයටගත් ප්‍රමාණය මෙන් දෙගුණයක් වන බවත් පොලිස්පතිවරයා පැවසුවා. එමෙන්ම 2024 වසරට සාපේක්‍ෂව 2025 වසරේ...

අද කාලගුණය

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප.ව 2.00 න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ වද්‍යා දෙපර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ සඳහන් වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතී. සබරගමුව, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වලත්, බදුල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක්...

හෙරොයින් සමග සැකකරුවෙක් දැලේ

හෙරොයින් ග්‍රෑම් 25යි මිලිග්‍රෑම් 150ක් සමග පුද්ගලයකු ග්‍රෑන්පාස්, සිරිපාලපින්තු මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරින් සිදු කළ වැටලීමකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. 40 හැවිරිදි සැකකරු නව කැලණි පාලම ප්‍රදේශයේ පදිංචිකරුවකු බව සඳහන් වේ. කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි. 

දේශීය තැපැල් ගාස්තුවේ සංශෝධනයක්

දේශීය තැපැල් ගාස්තු හෙට සිට සංශෝධනය කර තිබේ. ඒ අනුව රුපියල් 50 ක් වූ අවම මුද්දර ගාස්තුව, රුපියල් 70 ක් දක්වා ඉහළ යන බව, තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. සාමාන්‍ය, ව්‍යාපාරික ලිපි සේවාවේ මූලික බර, ග්‍රෑම් 20 සිට ග්‍රෑම් 30 දක්වා සංශෝධනය කර තිබේ. ප්‍රචාරණ පත්‍රිකා බෙදා හැරීමේ ගාස්තුව, බෙදීම් කලාපය තුළ හා පරිබාහිර බෙදීම්...

සුපිරි වෙළඳසැලක ගින්නක්

කොහුවල ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසලක අද (08) පස්වරුවේ හදිසි ගින්නක් හටගෙන තිබේ. ගින්න පිළිබඳ තොරතුරු වාර්තා වූ වහාම එය මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ තුනක් එම ස්ථානයට පිටත් කර යැවීමට පියවර ගත් බව ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ගිනි නිවන භටයින් සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න පාලනය කිරීමට...

කෙහෙළියගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ වැඩිමහල් දියණිය වන චමිත්‍රි රඹුක්වැල්ල අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ රුපියල් ලක්ෂ 300ක මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේය.

අලව්ව – රඹුක්කන දුම්රියේ ප්‍රමාදයක්

අලව්ව හා රඹුක්කන අතර අද (06) පෙරවරුවේ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ (කොළඹ – බදුල්ල මාර්ගය) දුම්රිය ගමන්වාර කිහිපයකට ප්‍රමාදයක් සිදුව ඇත. මෙම දෝෂය හේතුවෙන් එම කොටසේ දුම්රිය ගමන් කිරීමේදී ප්‍රමාද වීම් සිදු වූ අතර, එය ප්‍රධාන මාර්ගයේ අනෙකුත් දුම්රිය ගමන්වාරවලට ද බලපෑමක් ඇති කර ඇති බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මගීන්ගෙන් ඉල්ලා සිටින්නේ...

අද සිට මාසයක් කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්

2026 T-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් අද (07) සිට මාර්තු 08 දක්වා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙන බව ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කරයි. 

රුපියල් කෝටි 2කට අධික කුෂ්ය සමග සැකකරුවන් තිදෙනෙකු දැලේ

රුපියල් කෝටි දෙකකට අධික ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකළ ප්‍රශ්න කිරීමේදී, මෙම මත්ද්‍රව්‍ය තොගය මන්නාරම ප්‍රදේශය වෙත රැගෙන යාම සඳහා තවත් පුද්ගලයන් දෙදෙනෙකු මීගමුව නගරයේ සුපිරි වෙළෙඳසැලක් අසළ රැඳී සිටින බවට තොරතුරු අනාවරණය වී ඇත. ඒ අනුව එම පුද්ගලයන් දෙදෙනා...

ගංවතුරෙන් හා සුලිකුණාටුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් වැලිමඩදී සෞඛ්‍ය හා මනෝවිද්‍යාත්මක උපදේශන වැඩසටහනක්

ශ්‍රී ලංකාවට බලපෑ සුලිකුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර හා නාය යාම් නිසා සිය දේපල හා ජීවන රටාව බිඳ වැටුණු ජනතාවගේ කායික හා මානසික සුවය උදෙසා, ARAMBUMA සහ Future Vision සංවිධාන එක්ව සංවිධානය කළ Joint Medical and Psychological Support Program වැඩසටහනේ පළමු දිනය දෙසැම්බර් 18 වැනිදා වැලිමඩ ප්‍රදේශයේදී සාර්ථකව පැවැත්වුණි. මෙම සුවිශේෂී මානුෂීය වැඩසටහන වැලිමඩ බොරගස්...
1 9 10 11 12 13 96

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form