සබරගමුවේ සිසුවා මියයෑමේ සිද්ධිය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්
සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සිසුවෙකු නවකවධ තත්ත්වයකට මුහුණ පා සියදිවි නසාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) අවසර ලබාදී තිබේ. සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ චරිත් දිල්ෂාන් දයානන්ද බරපතළ නවකවධ තත්ත්වයකට මුහුණ පා සියදිවි නසාගැනීමේ සිද්ධිය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය...