නවතම පුවත්

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

අද සිට මාසයක් කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්

2026 T-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් අද (07) සිට මාර්තු 08 දක්වා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙන බව ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කරයි. 

රුපියල් කෝටි 2කට අධික කුෂ්ය සමග සැකකරුවන් තිදෙනෙකු දැලේ

රුපියල් කෝටි දෙකකට අධික ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකළ ප්‍රශ්න කිරීමේදී, මෙම මත්ද්‍රව්‍ය තොගය මන්නාරම ප්‍රදේශය වෙත රැගෙන යාම සඳහා තවත් පුද්ගලයන් දෙදෙනෙකු මීගමුව නගරයේ සුපිරි වෙළෙඳසැලක් අසළ රැඳී සිටින බවට තොරතුරු අනාවරණය වී ඇත. ඒ අනුව එම පුද්ගලයන් දෙදෙනා...

ගංවතුරෙන් හා සුලිකුණාටුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් වැලිමඩදී සෞඛ්‍ය හා මනෝවිද්‍යාත්මක උපදේශන වැඩසටහනක්

ශ්‍රී ලංකාවට බලපෑ සුලිකුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර හා නාය යාම් නිසා සිය දේපල හා ජීවන රටාව බිඳ වැටුණු ජනතාවගේ කායික හා මානසික සුවය උදෙසා, ARAMBUMA සහ Future Vision සංවිධාන එක්ව සංවිධානය කළ Joint Medical and Psychological Support Program වැඩසටහනේ පළමු දිනය දෙසැම්බර් 18 වැනිදා වැලිමඩ ප්‍රදේශයේදී සාර්ථකව පැවැත්වුණි. මෙම සුවිශේෂී මානුෂීය වැඩසටහන වැලිමඩ බොරගස්...

අල්ලස් ගත් ග්‍රාම නිලධාරියෙකුගේ සිරදඬුවම අභියාචනාධිකරණය තහවුරු කරයි

බරපතල වැඩ සහිත වසර 05 ක සිරදඬුවම් සහ දඩ නියම වී සිටි හිටපු ග්‍රාම නිලධාරියෙකු විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ ඇපෑලක් නිෂ්ප්‍රභ කළ අභියාචනාධිකරණය එම දඬුවම තහවුරු කිරීමට තීන්දු කර තිබේ. උපතින් ආබාධිත පුද්ගලයෙකුට රජයෙන් පිරිනමන නිවාස ආධාර ලබාදීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා එය ලබාගැනීමේ චෝදනාවට, අදාළ හිටපු ග්‍රාම නිලධාරිවරයා වදකරු වී සියේය. ...

රුපියල් 3,200ක අල්ලසක් ගත් පොලිස් සැරයන්වරා අත්අඩංගුවට

යතුරු පැදියේ සංඥා පහන් අක්‍රීය තත්ත්වයේ පැවතීම සම්බන්ධයෙන් තිබූ රථවාහන නඩුවකට අදාළව නීති මඟින් ඉදිරි කටයුතු සිදුනොකර පොලීසිය භාරයට ගෙන තිබූ රියදුරු බලපත්‍රය ආපසු ලබාදීම සඳහා රුපියල් 3,200 ක අල්ලස් මුදලක් ලබාගත් පොලිස් සැරයන්වරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය ඔක්තෝම්බර් මස 19 වනදා සිය යතුරු පැදියේ සංඥා පහන් අක්‍රීය තත්ත්වයේ පැවතීම සම්බන්ධයෙන් තමන්ගේ රියදුරු...

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකරුවකුට ඇප

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවකු ඇපමත මුදා කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අසංග එස් බෝධරගම මහතා අද (17) නියෝග කළේය. මෙලෙස ඇප හිමිව ඇත්තේ උදාර නිර්මාල් නමැති සැකකරුවෙක්ටය. ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරයා නියමකර තිබේ. මෙම සැකකරු ඝාතන සිද්ධියට අදාළව සිම් කාඩ් පත්...

ආපදා තත්ත්වයෙන් පසු පළාත් 6ක පාසල් දෙසැ: 16 යළි ඇරඹෙයි – පාසල් 147ක ආරම්භය ගැන තීරණය පසුවට

තෙවන පාසල් වාරයේ 2වන අදියර සඳහා එළඹෙන දෙසැම්බර් 16 වනදා ආරම්භ කෙරෙන පාසල් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය අද (09) නිල වශයෙන් දැනුම්දීමක් සිදු කළේය. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීය. ඒ අනුව දෙසැම්බර් 16 වනදා බස්නාහිර, දකුණ, උතුර, නැගෙනහිර, සබරගමුව සහ උතුරුමැද පළාත්වල සියලු පාසල් විවෘත කිරීමට...

ව්‍යාජ දත්ත රැස් කරන්නන් සහ ජාවාරම්කරුවන්ට නොරැවටෙන්න – රජයෙන් ඉල්ලීමක්

පශ්චාත් ආපදා සහන සලසන බවට පවසන ව්‍යාජ දත්ත රැස් කරන්නන් සහ ජාවාරම්කරුවන්ට නොරැවටෙන ලෙස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය විසින් ඉල්ලීමක් කර තිබේ. එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ, ආපදාවට පත් වූ ජනතාවට සහන සලසන බවට ප්‍රකාශ කරමින් සහ ආපදාවට පත්වූවන්ගේ පුද්ගලික තොරතුරු රැස් කරමින් කෙටි පණිවිඩ රාශියක් WhatsApp, Facebook ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බවට...

ලුණුවිල දී ගිංඔයට කඩා වැටුනු හෙලිකොප්ටර් යානයේ සහයක නියමුවාගෙන් අධිකරණයට ප්‍රකාශයක්

වෙන්නප්පුව ලුණුවිල ප්‍රදේශයේදී  ගිං ඔයට කඩා වැටුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 ගුවන් යානයේ කාර්මික දෝශයක් පැවති බවට තමන්ට සහ ප්‍රධාන ගුවන් නියමුවාට වැටහුණු බව අදාළ යානයේ සහාය ගුවන් නියමු ලෙෆ්ටිනන් එරංග චාමර ඒකනායක අධිකරණය හමුවේ සඳහන් කළේය. ඒ එම ගුවන් යානය කඩාවැටී එහි ප්‍රධාන ගුවන් නියමුවා මරුමුවට පත්වීම සම්බන්ධයෙන් වූ නීති කෘත්‍ය...

ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය හෙට සිට ධාවනය වෙන්නේ මෙහෙමයි

හෙට (10) සිට ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය කිහිපයක් සාමාන්‍ය පරිදි ධාවනය කරවීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. පසුගියදා ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අඹේපුස්ස – අලව්ව අතර බුජ්ජොමුව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයේ පැවති බෝක්කුව, අසලින් ගලාබසින මා ඔය දෙසට තල්ලු වී කැඩීයාම හේතුවෙන් දුම්රිය මාර්ගය යටින් අඩි 45ක පමණ කුහරයක් ඇතිවී තිබුණි. එම...
1 3 4 5 6 7 89

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form