ප්‍රධාන පුවත

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

පාර්ලිමේන්තුවේ ගල් අඟුරු ටෙන්ඩර් විගණනය: අක්‍රමිකතා සහ පාඩු හෙළිවෙයි

වත්මන් රජය බලයට පත්වීමෙන් පසු ගෙන්වන ලද ගල් අඟුරු නැව් සපයා ගැනීමේ ක්‍රියාවලියේ අධික අක්‍රමිකතා සහ ප්‍රමිතියෙන් තොර ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුවේ හෙළි වී ඇත. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පාර්ලිමේන්තුවට යෝජනා කළේ, ගල් අඟුරු මිලදී ගැනීමේ දී සිදුව ඇති වංචා සම්බන්ධයෙන් වගකිව යුතු සියලු දෙනාට අවශ්‍ය පියවර ගැනීමට බවයි. ප්‍රධාන වංචා සහ අක්‍රමිකතා පාඩු...

ආන්දෝලනයට තුඩුදුන් ත්‍රිකුණාමලය විහාරස්ථාන අර්බුදය : අභියාචනාධිකරණයෙන් විශේෂ නියෝගයක්

ත්‍රිකුණාමලයේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතුවූ අනවසර ඉදිකිරීම් ආන්දෝලනය පිළිබඳව අද (පෙබරවාරි 20) අභියාචනාධිකරණය වැදගත් තීන්දුවක් ප්‍රකාශ කළේය. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විහාරස්ථානයේ කොටසක් කඩා ඉවත් කරන ලෙස නිකුත් කර තිබූ නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා එහි විහාරාධිපති පූජ්‍ය කල්‍යාණ වංශ තිස්ස හිමි ගොනුකර තිබූ රිට් පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී මෙම තීන්දුව ප්‍රකාශයට...

වැටුප් නොගන්නා මන්ත්‍රීවරයා කවුද? පාර්ලිමේන්තු දීමනා පිළිබඳ නව තොරතුරු හෙළිවෙයි

224 දෙනා වැටුප් ගන්නා අතර, එක් මන්ත්‍රීවරයෙක් පමණක් ප්‍රතික්ෂේප කරයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප්, දීමනා සහ වරප්‍රසාද පිළිබඳ විස්තර, පාර්ලිමේන්තුවේ අද (පෙබරවාරි 19) පැවැති සාකච්ඡාවකදී නව අවධානයක් යටතට පැමිණ ඇත. සමගි ජන බලවේග මන්ත්‍රී චමින්ද විජේසිරි විසින් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය, දස වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ගෙවන වැටුප් හා දීමනා පිළිබඳ...

කතානායකවරයාගේ තීරණයට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්

පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම්වරයා වැඩ තහනම් කිරීම අභියෝගයට පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න විසින්, තමන්ට එරෙහිව ගනු ලැබූ වැඩ තහනම් තීරණය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ඔහු විසින් ඉදිරිපත් කර ඇති පෙත්සමෙන්, කිසිදු සාධාරණ පරීක්ෂණයක් සිදු නොකර තමන් වැඩ තහනමකට ලක් කිරීම නීතිවිරෝධී බව ප්‍රකාශ කරයි. මෙම පෙත්සමේ...

ලංකා සීනි සමාගමේ සභාපතිනිය ඉල්ලා අස්වීම: දේශපාලන බලපෑම්ද?

නීතිවිරෝධී ඉල්ලීම් සහ පීඩනය ගැන සඳහන් කරමින් සභාපතිනිය ඉවත් වෙයි රාජ්‍ය හිමිකාරීත්වය යටතේ පවත්නා ලංකා සීනි සමාගමේ සභාපතිනිය වූ නීතිඥ සඳමාලි චන්ද්‍රසේකර සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. වත්මන් රජය යටතේ එම ධූරයට පත් කළ දෙවන සභාපතිනිය වන්නේ ද ඇයය. මේ අතර, ඇයට පෙර සභාපතිවරයා වූ රුක්ෂාන් ගුණතිලක ද කෙටි කාලයක් තුළ එම තනතුරෙන් ඉවත් වී...

රුසියා – යුක්රේන සාම සාකච්ඡා විසඳුමකින් තොරව අවසන්

යුක්රේනයේ මොස්කව් යුද්ධය අවසන් කිරීම අරමුණු කරගත් රුසියාව, යුක්රේනය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පැවති සාකච්ඡා කිසිදු ඉදිරි ගමනකින් තොරව අවසන් වී තිබේ. ජිනීවාහි පැවති ත්‍රෛපාර්ශ්වික රැස්වීම් අඟහරුවාදා සවස් කාලය වන තෙක් පැවති නමුත් බදාදා පැවතියේ පැය දෙකක් පමණි. එක්සත් ජනපද තානාපති ස්ටීව් විට්කොෆ් සාකච්ඡා පිළිබඳව සුභවාදී ප්‍රකාශයක් කර තිබුණද, ප්‍රධාන රුසියානු සාකච්ඡාකරු සහ යුක්රේනයේ...

රුපියල් මිලියන 556ක තාක්ෂණික උපකරණ තොගයක් පොලීසියට

රුපියල් මිලියන 556ක වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය තාක්ෂණික උපකරණ තොගයක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් පොලීසිය ලබා දී තිබේ. අමාත්‍යවරයා විසින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේදී අදාළ උපකරණ තොගය සංකේතාත්මක පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ලබාදුන් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය. මෑත ඉතිහාසයේ පොලීසිය වෙත වැඩිම මුදලක් වැයකර ලබාදුන්...

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අවදානම්

ප්‍රදේශ කිහිපයක පවතින වැසි තත්ත්වයත් සමග නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න සහ වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 2 යටතේ අවධානයෙන් සිටින ලෙස දන්වා තිබේ. තවද මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා අදියර 1 යටතේ විමසිලිමත් වන ලෙස දන්වමින්ද...

නීතිඥ සංගමයේ නියෝජිතයින් අද කොළඹට

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සියලුම සාමාජිකයින් අද (15) දිනයේ දි කොළඹට කැඳවන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා. අද පස්වරු 3.00 සියලුම නීතිඥවරු සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වන බවයි එම සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පැවසුවේ. තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක රථගාලක දී නීතිඥවරයෙක් ඉලක්ක කරගෙන සිදුවූ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්දව ඉදිරියේදි ගනු ලබන ක්‍රියාමාර්ග මෙහිදි...

අද කාලගුණය

මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් වැසි ස්වල්පයක් ඇති විය හැක. සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ...
1 2 3 62

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form