ප්‍රධාන පුවත

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

ගම්මන්පිල CIDයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (09) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. ඒ ප්‍රශ්නගත බහාලුම් 323 සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

ඝාතන උත්සාහයකින් දිවි ගලවා ගත් ජනපති

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ගමන් කළ හෙලිකොප්ටරයක් ඉලක්ක කර යුක්රේනය විසින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇත. එහෙත්, රුසියානු නිලධාරීන් පවසන පරිදි, ජනාධිපති පුටින් මෙම ප්‍රහාරයෙන් යන්තම් බේරී ඇත. මෙම සිදුවීම පසුගිය (25) මධ්‍යම රාත්‍රියෙන් පසු, පුටින් අස්ථාවර දේශසීමා කලාපයක් වන කර්ස්ක් වෙත ගමන් කරමින් සිටියදී සිදුව ඇති බව වාර්තා වේ. අප්‍රේල් මාසයේදී යුක්රේන හමුදාව කර්ස්ක්...

සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් අද ලෙඩ වෙයි

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ට අයත් වෘත්තීය සමිති කිහිපයක් අද (27 වැනිදා) පෙරවරු 8.00 සිට සම සෞඛ්‍ය උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන යන වැඩපිළිවෙළට විරෝධය පල කරමින් වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට ඊයේ (26 වැනිදා) තීරණය කර තිබෙනවා. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹීමට තීරණය කර ඇත්තේ රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් උපාධි හදාරණ ලද සිසුන් සෞඛ්‍ය වෘත්තින් සඳහා...

අද කාලගුණය

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව...

හාල් මිලත් ඉහළට

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පර්යේෂණ පුහුණු මධ්‍යස්ථානය පවසන පරිදි, දේශීය නාඩු, දේශීය රතු කැකුළු සහ ආනයනික සුදු කැකුළු හැර අනෙකුත් සියලුම සහල් වර්ගවල සිල්ලර මිල ගණන් ඉහළ ගොස් ඇත. එම මධ්‍යස්ථානයට අනුව, කීරි සම්බා සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් 22කින් ඉහළ යෑමෙන් එහි උපරිම මිල වැඩිවීම වාර්තා වී තිබේ. කීරි සම්බා වී කිලෝවක මිල...

හරීන්ගේ ගැසට්ටුව විසි වෙයි

වත්මන් ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා විසින්, හිටපු ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතා විසින් ක්‍රීඩා පනත සංශෝධනය කරමින් නිකුත් කළ ගැසට් පත්‍රය බල රහිත කර, ක්‍රීඩා පනත නැවත සංශෝධනය කර ඇත. මෙම නව සංශෝධන මගින්, හරින් ප්‍රනාන්දු මහතාගේ ගැසට්ටුවෙන් ක්‍රීඩා සංගම්වල නිලධාරීන්ට වසර ගණනක් නිලතල දැරීමට ලබා දී තිබූ ඉඩකඩ ඉවත් කර, ප්‍රධාන නිලතලවල...

මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තා භාරදීම සඳහා ලබාදුන් කාලය හෙටින් අවසන් 

එළඹෙන පළාත් පාලන ජන්ද විමසීමට අදාළ ව මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තා භාරදීම සඳහා ලබාදුන් කාලය හෙටින් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසා සිටිනවා . ඒ අනුව සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන්ට, අපේක්ෂකයන්ට සහ ස්වාධීන කණ්ඩායම්වලට මේ බව දැනුම් දුන් බවයි මැතිවරණ කොමිෂන් සභාව දන්වා සිටියේ.    එම වාර්තාව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට ලබාදිය යුතු...

කෙහෙළිය අදත් CIDයට

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත්තේ ප්‍රකාශයක් ලබාදීම සඳහාය. මෙය ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සම්බන්ධ සිද්ධියට අදාළව සිදුකෙරෙන විමර්ශනවලට සහය වීම සඳහාය. පසුගිය 9 වැනිදා උදෑසන ද ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි බව වාර්තා වේ. 

අද ගම්බිම් බලායන ජනතාවට විශේෂ ප්‍රවාහන සේවාවක්

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව සඳහා විශේෂ දුම්රිය සේවා අද (11) සිට ආරම්භ වන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ, ඒ සඳහා විශේෂ දුම්රිය 10ක් ධාවනයට එක් කරන බවයි. ඒ අනුව, අද රාත්‍රී 7:30ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා විශේෂ දුම්රියක් ධාවනය වන අතර,...

කිරිබත්ගොඩ පොලිස් වෙඩිතැබීමක් 

කිරිබත්ගොඩ ගාල හන්දිය ප්‍රදේශයේදී අද (11) අලුයම 2:30ට පමණ පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර තිබේ. යතුරුපැදියක් සමග සැකකටයුතු පුද්ගලයෙක් රැඳීසිටින බව දැක ඔහු පරීක්ෂා කිරීමට යෑමේදී සැකකරු පලාගොස් තිබෙන අතර එහිදී මෙම වෙඩිතැබීම සිදුකර ඇත.
1 10 11 12 13 14 62

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form