අනුරාධපුර බන්ධනාගාර අධිකාරි අත්අඩංගුවට
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ඊයේ (08) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව සිදුකරන විමර්ශනයට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. රුපියල් ලක්ෂ 40ක් වංචාකර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවකට අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරුකර සිරදඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකු නිදහස් කිරීමට අනුබලදීමේ...