දිවයින පුරා වෛද්‍ය වර්ජනයක්
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක්ව දූෂණය කිරීමේ සිද්ධියට විරෝධය පළකරමින් (12) දිවයින පුරා සංකේත වැඩ වර්ජනයකට යොමුවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) තීරණය කර ඇත. ඒ අනුව උදෑසන 8 සිට පැය 24ක කාලයක් ඔවුන් මෙම වර්ජනයේ නිරත වේ.