Mike Huckabee ගේ ප්‍රකාශය මැද පෙරදිග දැඩි විවාදයකට
ඉස්රායලයට නියෝජිත එක්සත් ජනපද රාජ්‍ය තානාපති මයික් හක්කබී විසින් කළ ප්‍රකාශයක් මැද පෙරදිග කලාපයේ දැඩි විරෝධතා සහ දූතීය ආතතියක් ඇති කර තිබේ. හක්කබී මෙම ප්‍රකාශය කර ඇත්තේ ප්‍රසිද්ධ මාධ්‍ය චරිතයක් වන Tucker Carlson සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදීය. එහිදී කාල්සන් පැරණි ආගමික ග්‍රන්ථයක සඳහන් “නයිල් නදියෙන් යූප්‍රටීස් නදිය දක්වා” භූමි ප්‍රදේශය පිළිබඳ ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය. එයට...