විශේෂාංග

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

2025 අයවැය අදයි

2025 වසර සඳහා රජයේ වියදම් ඇතුළත් අය-වැය වාර්තාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(17) පෙ.ව 10.30ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. අයවැය විවාදය හෙට(18) ආරම්භවන අතර එම විවාදය මාර්තු 21 දක්වා පැවැත්වීමට නියමිතව තිබේ. 2025 ජනවාරි 9 වැනිදා පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත, දෙවැනිවර කියවීමේ...

දුර දිග ගිය ආරවුල

කලක පටන් පැවති ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර ඇති බව කළුතර දකුණ මූලස්ථාන පොලීසිය පවසයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කළුතර නාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි අජිත් ප්‍රසන්න නම් 32 හැවිරිදි පුද්ගලයෙකි. ඊයේ (15) රාත්‍රියේදී කළුතර කොහොලාන ප්‍රදේශයේදී අත් පාවල කැපුම් තුවාල සහිතව අදාළ පුද්ගලයා වැටී සිටි අතර පසුව ඔහු නාගොඩ ශික්ෂණ රෝහළට...

ප්‍රදේශ රැසකට අද වියළි කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (16) ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු-මැද ,නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල හිමිදිරි උදෑසන කාලයේදී ශීත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. දිවයිනේ තැනින් තැන උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව සඳහන්.

නව රජයේ මංගල අයවැය හෙට

මෙම වර්ෂය සඳහා වන රජයේ අයවැය හෙට (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ඉදිරිපත් කරනු ලබන පළමු අයවැය වන්නේ මෙයයි. හෙට උදෑසන 10.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

නුගේගොඩ දෙල්කද ප්‍රදේශයෙන් රුපියල් කෝටියක් වටිනා විදෙස් මත්පැන් තොගයක්

නුගේගොඩ දෙල්කද ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක තිබී රුපියල් කෝටියක් පමණ වටිනා විදේශීය මත්පැන් තොගයක් අත්අඩංගුවට ගෙන ඇත. අදාළ ප්‍රදේශයේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුට අයත් මෝටර් රථ අමතර කොටස් ආනයනය කරන ව්‍යාපාරික ස්ථානයක තිබී වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය විසින් සිදු කළ වැටලීමකදීයි මෙම මත්පැන් තොගය සොයාගෙන තිබෙන්නේ. ව්‍යාපාරික මධ්‍යස්ථානයේ බිම්මහලේ මෝටර් රථ අමතර කොටස් උපාංග අතර ඉතා සූක්ෂම...

E-Passport ලබාදීම ගැන අලුත්ම ආරංචිය

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසන්නේ, E-Passport හෙවත් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදුවන බවයි. නියෝජ්‍ය අමාත්‍ය නිතීඥ සුනිල් වටගල මහතා සඳහන් කළේ, ඊට අදාළව අධිකරණය මගින් පනවා තිබු වාරණ නියෝගය මේ වනවිට ඉවත් කර ඇති බැවින් එම ක්‍රමවේදය ක්‍රියාවට නැංවීමට බාධාවක් නොමැති බවය. ඒ අනුව, නියෝජ්‍ය...

කරන්ට් කැපිල්ල ගැන අලුත්ම තත්ත්වය මෙන්න

පසුගිය 09 වන දා දිවයින පුරා හදිසි විදුලි බිදවැටීමක් සිදුවිය. ඒත් සමග නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර 03ම අක්‍රීය විය. ඒ හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 900ක විදුලි ධාරිතාවක් අහිමි විය. මේ වන විට එහි සියලු ජනන යන්ත්‍ර ක්‍රියාත්මක තත්ත්වයට පත්කර ඇත. ඒ අනුව මේ වන විට ජනන යන්ත්‍ර 02ක් ජාතික විදුලිබල පද්ධතියට එක්කර තිබෙනවා. එමෙන්ම,...

කදුරුවෙල ත්‍රෛභාෂා පාසල අග්‍රාමාත්‍යවරියගේ නිරීක්ෂණයට

ඉන්දීය රජයේ ආධාර යටතේ පොළොන්නරුව, කදුරුවෙල ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින ත්‍රෛභාෂා ජාතික පාසලේ වර්තමාන තත්වය පිළිබඳ පිරික්සා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක් සහ එම පාසලේ ඉදිරි වැඩකටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ(15 ) දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ මූලිකත්වයෙන් පැවැත්විණි. කලාපයේ සියලු ජාතීන්, ආගම් නියෝජනය වන පරිදි සියලු දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ පහසුව අරමුණු කරගනිමින් ගොඩනැගෙමින් පැවති මෙම පාසලේ ඉදිකිරීම්...

අළුයම ගිණිගත් පානදුරේ මාරක බස් රථ අනතුර

පානදුර ගුවන් පාලම ආසන්නයේදී අද (15) අළුයම 4ට පමණ බස් රථයක් පෙරළී සිදු වූ අනතුරකින් සිව්දෙනෙකු තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. පානදුර දකුණ පොලීසිය සඳහන් කර සිටියේ ඊයේ (14) රාත්‍රී 11ට පමණ ලුණුගම්වෙහෙර සිට කොළඹ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස පෙරළී ඇති බවයි. බස් රථයේ රෝදවල සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙන්...

අල්ලස් ගන්න ගිය PHI ට වැඩ වරදියි

හෝටලයක බලපත්‍රය අලුත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 2ක අල්ලසක් ලබා ගැනීමේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ගලේවෙල ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
1 9 10 11 12 13 31

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form