හොරපාරෙන් මෙරටට ගෙන ආ ඉඟුරු කිලෝ 1,839ක් අත්අඩංගුවට
නීතිවිරෝධි ලෙස මෙරටට ආනයනය කරන ලද ඉඟුරු තොගයක් සමග සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අද (01) උදෑසන කල්පිටිය පොලිස් වසමේ කන්දකුඩාව ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ කල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්ය. එහිදී ඔවුන් සතුව තිබී ඉඟුරු කිලෝග්‍රෑම් 1,839ක් සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුන් අවුරුදු 18, 34, 37 සහ 44 ක් වයස්වල පසු වන...