විශේෂාංග

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

සහල් මාෆියාව පාලනය කිරීමට පියවර ගන්නවා – සුනිල් හඳුන්නෙත්ති

මහ කන්නයේ වී මිලදී ගැනීම සදහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මේ වන විට වී අලෙවි මණ්ඩලය වෙත ලබා දී ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඒ අනුව කඩිනමින් වී අලෙවි මණ්ඩලය විසින් වී මිලදී ගැනීමේ කටයුතු ආරම්භ කරනු ඇති බවය. ඊයේ රාත්‍රි විකාශය වූ රූපවාහිනී සජීවී වැඩසටහනකට එක්වෙමින්...

ජාතික පුනරුදයට පෙළගැසෙමු – 77 වන නිදහස් දිනය අදයි

ජාතික පුනරුදයට පෙළගැසෙමු යන තේමාව යටතේ පැවැත්වෙන 77 වන නිදහස් දින සැමරුම අදට (04) යෙදී තිබේ. නව දේශපාලන සංස්කෘතියක් සහ නව ප්‍රවේශයක් මේ රටට අවශ්‍ය බව කියමින් පසුගිය සමයේ පෙළගැසුණු ජනතාවගේ අපේක්ෂාවන් ඉටුකරමින් මෙවර නිදහස්දින උළෙල පැවැත් වේ. ජාතික නිදහස් දින ප්‍රධාන සැමරුම් උළෙල කොළඹ, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අභිමානවත්ව හා චාම් අයුරින් ජනාධිපති අනුර කුමාර...

සියලු භේද දුරලා අර්ථාන්විත වෙනසක් සිදු කිරීමට අත්වැල් බැඳගනිමු – අග්‍රාමාත්‍යවරියගේ නිදහස් දින පණිවිඩය

මෙම ‍ඓතිහාසික දිනයේ දී සියලු භේද දුරලා අර්ථාන්විත වෙනසක් සිදු කිරීමට අප සියලු දෙනා එකට අත්වැල් බැඳගනිමුයැයි ඉල්ලා සිිටින බව බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය සිය නිදහස් දින පණිවිඩය නිකුත් කරමින් පවසයි. සෑමදෙනාගේම අයිතිවාසිකම් රැකෙන පරිදි සහ සියලු දෙනාගේ වටිනාකමක් දැනෙන ලෙසට ජීවත් විය හැකි රටක් ගොඩනඟන බවට පොරොන්දු වන බවද අග්‍රමාත්‍යවරිය සිය නිදහස් දින...

ජනපතිගේ නිදහස් දින පණිවුඩය

අපගේ අනාගත පරපුර උදෙසා අප දේශය නව ස්ථරයක් වෙත ඔසවා තැබිය යුතු බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අදට යෙදී තිබෙන 77 වන නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කර තිබේ. එම නිදහස් දින පණිවිඩය මෙසේයි. අද දින අප 77 වන ජාතික නිදහස් දිනය සමරන්නේ අලුත්...

ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදාව භාරයට

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දකුණු මන්නාරම් මුහුදු සීමාවේදී එම ඉන්දීය ධීවරයින් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

අම්බලන්තොට ත්‍රිත්ව ඝාතනයට සැකකරුවන් අල්ලයි

අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකු තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අම්බලන්තොට, තංගල්ල සහ හුංගම පොලීසිය එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ. නීතිවිරෝධී මත්පැන් සම්බන්ධයෙන් සිදුවු ආරවුලක් හේතුවෙන් ඇති වු ගැටුමක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට පොලීසිය සිදුකළ මුලික විමර්ශනවලදී...

රට පුරා සියලුම සුරාසැල් වැසෙයි

දිවයින පුරා සියලුම සුරාසැල් හෙට (04) දිනයේ වසා තැබෙන බව වාර්තා වනවා. ඒප77 වන ජාතික නිදහස් සමරු උත්සවය හෙටට යෙදී තිබීම හේතුවෙන් බවයි පැවසෙන්නේ.

හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙකු වන දේශමාන්‍ය හැරී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කලක සිට රෝගාතුරව සිටි ඒ මහතා මිය යන විට 82 වන වියේ පසු විය. දොන් හැරල්ඩ් ස්ටැසන් ජයවර්ධන හෙවත් හැරී ජයවර්ධන මහතා 1942 අගෝස්තු 17 වැනි දින ජා-ඇළ ප්‍රදේශයේ දී උපත ලබා ඇත. 2008 වසරේදී ශ්‍රී ලංකාවේ පොහොසත්ම පුද්ගලයා ලෙස ලැයිස්තු අතරට එක්ව...

ජාතික පුනරුදයට පෙළ ගැසෙමු – 77 වන නිදහස් දිනයට සියල්ල සූදානම්

‘ජාතික පුන­රු­ද­යට පෙළ­ගැ­සෙමු’ තේමාව යටතේ 77 වැනි නිද­හස් උත්ස­වය නිද­හස් චතු­රස්‍ර පරි­ශ්‍රයේ දී අභි­මා­න­වත් අන්ද­මින් පැවැ­ත්වී­මට සියලු කට­යුතු සූදා­නම් බව රාජ්‍ය පරි­පා­ලන, පළාත් සභා හා පළාත් පාලන අමා­ත්‍යාං­ශය පව­සයි. අඩු පිරි­වැ­ය­කින්, මහ­ජ­න­තා­වට සිදු වන පීඩා අවම වන අන්ද­මින් හා වැඩි ජන සහ­භා­ගි­ත්ව­ය­කින් යුතුව මෙවර නිද­හස් දින උත්ස­වය පැවැ­ත්වී­මට අමා­ත්‍යාං­ශය සැල­සුම් කර තිබේ. හමුදා සාමා­ජි­ක­යන් 1,873කට...

අලි – මිනිස් ගැටුමට විසඳීමට දේශීය නව නිපැයුමක්

ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුවක් බවට පත් ව ඇති අලි – මිනිස් ගැටුමට විවිධාකාර වු විසදුම් සොයන පසුබිමක ඒ සදහා විද්‍යාත්මක විසදුමක් ලෙස සාර්ථකත්වයක් ලබා ඇති දේශිය අලිවැට පද්ධතියක් නිර්මාණය කිරිමට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ජාතික ඉංජිනේරු හා සංවර්ධන මධ්‍යස්ථානයේ ( NERDC ) ඉංජිනේරුවන් විසින් සමත්ව ඇත. නියමු ව්‍යාපෘතියක් ලෙස වීරවීල එළිමහන් කදවුරේදි ඉදිකෙරුණු මෙම අලිවැට...
1 15 16 17 18 19 33

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form