විශේෂාංග

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

2024 සාමාන්‍ය පෙළ විභාගයේ උපකාරක පන්ති පැවැත්වීම හෙටින් අවසන්

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම හෙට(11) මධ්‍යම රාත්‍රී 12:00 සිට තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර පවසයි. මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය මාර්තු 17 වැනිදා සිට ආරම්භ වන අතර එය මාර්තු 26 වැනිදායින් අවසන් වේ.

කෝටි 17 හමාරක හෂීෂ් තොගයක් සමග විදෙස් තරුණිය අත්අඩංගුවට

රුපියල් දහ හත් කෝටි පනස් ලක්ෂයක් වටිනා “හෂීෂ්” මත්ද්‍රව්‍ය තොගයක් සිය ගමන් මල්ලේ සඟවා ගෙන පැමිණි විදේශීය තරුණියක් කටුනායක ගුවන්තොටේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (09) රාත්‍රියේ ගුවන්තොටුපොළේ රේගු නිලධාරීන් විසින් අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත. එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, 20 හැවිරිදි කැනඩා ජාතික උපාධි අපේක්ෂක තරුණයක් වන අතර, ඇය ලංකාවට පැමිණි පළමු අවස්ථාව මෙය...

වගා හානි සඳහා වන්දි ලබාදීම කඩිනමින් අවසන් කරන්න – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

වැසි සහ ආපදා හේතුවෙන් පසුගිය කාලසීමාවේ සිදු වූ වගා හානි සඳහා වන්දි ලබා දීමේ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරින්ට උපදෙස් දුන්නේය. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ අද (06) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය. 2025 අයවැය යෝජනා මගින් කෘෂිකර්ම, පශු සම්පත්,...

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළ නඩුව අද

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් 9 දෙනා සම්බන්ධ නඩුව ස්කයිප් තාක්ෂණය ඔස්සේ අද (07) කැඳවීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය නියෝග කර තිබේ. මීට අදාළ නියෝගය ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විසින් එම අධිකරණයේ ලේඛකාධිකාරීවරිය වෙත නිකුත් කර ඇත. ඊට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස අධිකරණයේ ලේඛකාධිකාරිවරිය විසින්...

රටේ බෞද්ධ කොඩියක් ප්‍රදර්ශනය කරන ලෙස දන්වයි

ශ්‍රී දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන කාලසීමාවේ දිවයින පුරා නිවාස සහ රථ වාහන වල බෞද්ධ කොඩියක් ප්‍රදර්ශනය කරන්නැයි ශ්‍රී දළදා තේවාව භාර, අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත ස්වාමීන් වහන්සේ දැනුම් දෙයි. උන්වහන්සේ සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටින්නේ, ප්‍රදර්ශනය නැරඹීමට පැමිණීමේදී සංවරව කටයුතු කරන ලෙසයි. සිරි දළදා දැක්ම – විශේෂ දළදා ප්‍රදර්ශනය, අප්‍රේල් 18 වැනිදා ආරම්භ...

සිසුවෙකුට පහර දුන් විදුහල්පති රිමාන්ඩ්

පොලොන්නරුව ප‍්‍රදේශයේ පාසලක සිසුවෙකුට පහරදී ඔහුගේ එක් කනකට තුවාල සිදුකලේ යයි පොලිසිය විසින් අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයෙකු අධිකරණය විසින් ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. තමන්ට පාසල් වේලාවේදී පහරදී වද හිංසා කලේ යයි 17 හැවිරිදි මෙම සිසුවා විසින් සිදුකරන ලද පැමිණිල්ලක්ලකට අනුව මෙලෙස විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.

දේශබන්දු බාර වෙයි..?

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අධිකරණයට ඉදිරිපත් වනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචිමාර්ග වාර්තා කරයි. ඒ මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කර ඇති නියෝගයක් අනුවයි. කෙසේ වෙතත් අධිකරණ නියෝගයෙන් පසු මේ දක්වා තෙන්නකෝන් මහතා සොයා ගැනීමට පොලිසියට හැකි වූයේ නැත. ඔහු සිටින්නේ යයි සැක සහිත ස්ථාන කිහිපයකටම පොලිස් නිලධාරින් යොදවා තිබුණද ඔහු...

අද පොල් මිල වෙනස්වීම්

වෙළඳපොලේ පොල් මිල පසුගිය සතියට සාපේක්ෂව මේ වන විට ක්‍රමයෙන් පහළ යමින් පවතිනවා. වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කළේ, පසුගිය සතියේ රුපියල් 250කට ආසන්න මිලක පැවති සාමාන්‍ය ප්‍රමාණයේ පොල් ගෙඩියක මිල මේ වන විට රුපියල් 200ත් 220ත් අතර අගයක් දක්වා පහළ ගොස් ඇති බවයි. කෙසේ වෙතත් පවතින අයහපත් කාලගුණය හමුවේ ඉදිරියේ දී පැවතිය හැකි පොල් මිල...

රාමසාන් උපවාස සමය අද සිට

රාමසාන් උපවාස සමය අද (02) සිට ආරම්භ වන අතර අද දිනයේ සිට මාසයක කාලයක් ඉස්ලාම් බැතිමතුන් උපවාසයේ යෙදෙන බව සඳහන්ය. ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර් මහතා සඳහන් කළේ ඊයේ (01) රාත්‍රී නව සඳ දර්ශනය වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවය.

ජාතික ආරක්ෂාව ගැන සැකයක් නෑ – අගමැතිනිය කියයි

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු සැකයක් ඇති කර නොගන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ජනතාවට දැනුම් දෙයි. ඇය ඒ බව සඳහන් කළේ, ජය ශ්‍රී මහා බෝධි සංවර්ධන අරමුදලේ රැස්වීමකට එක්වෙමින් ය. ජයශ්‍රී මහා බෝධි සංවර්ධන අරමුදලේ සභාපතිත්වය දරන්නේ ද, අග්‍රාමාත්‍යවරියයි. 
1 7 8 9 10 11 30

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form