රටේ අනාගත පරපුර මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් මුදා ගැනීමට සියලුදෙනා වගකීම් ඉටු කළ යුතුයි – ජනපති
රටේ භෞතික සංවර්ධනයට සමගාමීව සමාජයේ යහපැවැත්ම සහ ස්ථාවරභාවයද අතිශය වැදගත් වන බවත්, ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති විෂ මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කරමින් රටේ අනාගත පරපුර එයින් මුදා ගැනීම සඳහා සියලුදෙනා තම වගකීම් ඉටු කළ යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, විෂ මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් මුලිනුපුටා දැමීම...