විශේෂඥ වෛද්‍යවරුන් ඉල්ලන සියළු ඖෂධ දෙන්න රජයට බෑ..- නලින්ද
විශේෂඥ වෛද්‍යවරුන් ඉල්ලීම් කරන සියලු ඖෂධ ලබාදීමට රජයට නොහැකි බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවැසීය. බහුතර ප්‍රමාණයක් භාවිත කරන, වැදගත්ම ඖෂධ සඳහා රජය මුදල් වෙන් කරන බවත්, ආර්ථිකය ශක්තිමත් වන පළමු මොහොතේදීම ඉල්ලා සිටින ඖෂධ සහ ශල්‍ය උපකරණ ලබාදීමට කටයුතු කරන බවත් ඔහු කීවේය. මෙලෙස ඖෂධ සැපයීමේ යම් ප්‍රමාදයක්...