නවතම පුවත්

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

ඩේසි ආච්චි අත්අඩංගුවට

ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි ඩේසි ෆොරස්ට් නමැත්තිය ඊයේ (05) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව ඇය කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ලෝක බලවතාගෙන් හමාස් ට රතු එලියක්

ගාසා තිරයේ රදවා තිබෙන සියලු‍ ප්‍රාණ ඇපකරුවන් මුදා හැරිය යුතු බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමාස් සංවිධානයට අවසන් අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා. එලෙස ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් නොකරන්නේ නම් කිසිදු හමාස් සාමාජිකයෙකු ආරක්ෂා නොවනු ඇති බවයි ට්‍රම්ප් කියා සිටියේ. එමෙන්ම ගාසාවේ ජනතාවට සුන්දර අනාගතයක් අවශ්‍ය බැවින් ඉන් පිටව යන ලෙසයි හමාස් සංවිධානයට ජනාධිපතිවරයා දැනුම්...

මර්වින් සිල්වා ගේ සිද්ධියේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අත්අඩංගුවට ගැනීමේ හේතුවට අදාළව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනූව හිටපු අමාත්‍යවරයා සමග අත්අඩංගුවට ගෙන ඇති මුළු සැකකරුවන් සංඛ්‍යාව 3කි. බත්තරමුල්ලේ පිහිටි නිවසේදී ඊයේ(05) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්, මර්වින් සිල්වා මහතා සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සිදු කළේ ය. කැලණිය ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් කූඨ ලේඛන සකස් කර මුදල්...

ඉෂාරා ගැන හරි තොරතුරක් දන්නවද? 

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ සැඟව සිටින ප්‍රධාන සැකකාරිය සම්බන්ධයෙන් සාර්ථක තොරතුරක් ලබා දෙන අයෙකුට රුපියල් ලක්ෂ 12ක මුදල් ත්‍යාගයක් ලබාදෙන බව පොලිස් මූලස්ථානය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කෙට්ඨාසය මේ බව දැනුම් දී තිබේ. පසුගිය පෙබරවාරි මස 19 වනදා අළුත්කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණය...

ඊළග වාරියට පෙර බිලියන 900ක් උපයනු – IMF

විස්තීරණ ණය පහසුකම් වැඩසටහන යටතේ පස්වැනි වාරිකය ලබාදීමට පෙර රුපියල් බිලියන 900 ක ආදායම් ඉලක්කයක් සම්පූර්ණ කිරීමට මෙරට රජය කටයුතු කළයුතු බවත්, රජය ආයෝජන වැඩිකර ගැනීමට කටයුතු කළයුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරට රජයට දැනුම්දී ඇතැයි අනාවරණය වේ.

GMOA දොස්තරලා හෙට ලෙඩ වෙයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ අමතර රාජකාරි දීමනාව සහ නිවාඩු දින දීමනාව කප්පාදුව සම්බන්ධයෙන් මෙහිදී විරෝධය පළ කර ඇති අතර ඒ සඳහා සාධනීය ප්‍රතිචාරයක් රජයේ පාර්ශවයෙන් නොලැබුණෙහොත් එළැඹෙන මාර්තු 05 දින සිට දීපව්‍යාප්ත වැඩවර්ජනයකට යාමට රජයේ නිලධාරීන්ගේ සංගමය ඊයේ දින තීරණය කර තිබෙනවා. මෙහිදී අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසුවේ, “2025...

රටේ බෞද්ධ කොඩියක් ප්‍රදර්ශනය කරන ලෙස දන්වයි

ශ්‍රී දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන කාලසීමාවේ දිවයින පුරා නිවාස සහ රථ වාහන වල බෞද්ධ කොඩියක් ප්‍රදර්ශනය කරන්නැයි ශ්‍රී දළදා තේවාව භාර, අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත ස්වාමීන් වහන්සේ දැනුම් දෙයි. උන්වහන්සේ සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටින්නේ, ප්‍රදර්ශනය නැරඹීමට පැමිණීමේදී සංවරව කටයුතු කරන ලෙසයි. සිරි දළදා දැක්ම – විශේෂ දළදා ප්‍රදර්ශනය, අප්‍රේල් 18 වැනිදා ආරම්භ...

සිසුවෙකුට පහර දුන් විදුහල්පති රිමාන්ඩ්

පොලොන්නරුව ප‍්‍රදේශයේ පාසලක සිසුවෙකුට පහරදී ඔහුගේ එක් කනකට තුවාල සිදුකලේ යයි පොලිසිය විසින් අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයෙකු අධිකරණය විසින් ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. තමන්ට පාසල් වේලාවේදී පහරදී වද හිංසා කලේ යයි 17 හැවිරිදි මෙම සිසුවා විසින් සිදුකරන ලද පැමිණිල්ලක්ලකට අනුව මෙලෙස විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.

දේශබන්දු බාර වෙයි..?

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අධිකරණයට ඉදිරිපත් වනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචිමාර්ග වාර්තා කරයි. ඒ මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කර ඇති නියෝගයක් අනුවයි. කෙසේ වෙතත් අධිකරණ නියෝගයෙන් පසු මේ දක්වා තෙන්නකෝන් මහතා සොයා ගැනීමට පොලිසියට හැකි වූයේ නැත. ඔහු සිටින්නේ යයි සැක සහිත ස්ථාන කිහිපයකටම පොලිස් නිලධාරින් යොදවා තිබුණද ඔහු...

චාල්ස් රජුගෙන් සෙලෙන්ස්කිට උණුසුම් පිළිගැනීමක්

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී එක්සත් රාජධානියේ තෙවන චාල්ස් රජු හමුවී තිබේ. එංගලන්තයේ සැන්ඩ්‍රින්හැම්හි දී මෙම හමුව සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. යුක්‍රේන ජනාධිපතිවරයාව එහිදී උණුසුම් ලෙස පිළිගෙන ඇති බව සඳහන් වේ. එම හමුව පැයකට ආසන්න කාලයක් පැවති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. නායකයින් දෙදෙනා අතර සිදුවු සාකච්ඡාව ඉතා යහපත් මට්ටමක පැවති බව ව්ලොදිමීර්...
1 19 20 21 22 23 89

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form