නවතම පුවත්

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

අද පොල් මිල වෙනස්වීම්

වෙළඳපොලේ පොල් මිල පසුගිය සතියට සාපේක්ෂව මේ වන විට ක්‍රමයෙන් පහළ යමින් පවතිනවා. වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කළේ, පසුගිය සතියේ රුපියල් 250කට ආසන්න මිලක පැවති සාමාන්‍ය ප්‍රමාණයේ පොල් ගෙඩියක මිල මේ වන විට රුපියල් 200ත් 220ත් අතර අගයක් දක්වා පහළ ගොස් ඇති බවයි. කෙසේ වෙතත් පවතින අයහපත් කාලගුණය හමුවේ ඉදිරියේ දී පැවතිය හැකි පොල් මිල...

අද කාලගුණය

නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැක. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවලට  උදෑසන කාලයේදීත්  වැසි  ඇති විය හැක. බස්නාහිර, සබරගමුව, දකුණු...

ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ පළමු අදියර ඇරඹේ

ජනාධිපති කාර්යාලය සතු සුඛෝපභෝගී වාහන 14ක්, භාවිතයෙන් ඉවත් කරන ලද වාහන 6ක් සහ වාහන අමතර කොටස් අළෙවි කිරීමට අදාළ වෙන්දේසිය පසුගියදා(28) සිදු කෙරිණි. රජයේ වියදම් කපා හැරීම සහ මූල්‍ය වගවීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් මෙලෙස ජනාධිපති කාර්යාලය සතු වාහන විකිණීමට තීරණය කර තිබිණි. ඒ අනුව ඩිෆෙන්ඩර් ජීප් රථ 09ක්, වොල්වෝ ජීප් රථයක්, ක්‍රයිස්ලර් මෝටර්...

රාමසාන් උපවාස සමය අද සිට

රාමසාන් උපවාස සමය අද (02) සිට ආරම්භ වන අතර අද දිනයේ සිට මාසයක කාලයක් ඉස්ලාම් බැතිමතුන් උපවාසයේ යෙදෙන බව සඳහන්ය. ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර් මහතා සඳහන් කළේ ඊයේ (01) රාත්‍රී නව සඳ දර්ශනය වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවය.

අව ප්‍රමාණයට යන රුපියල 

ගත වූ මාස දෙකක කාලය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 1%කින් අවප්‍රමාණය වී තිබෙනවා. මහ බැංකුව ප්‍රකාශ කළේ ජනවාරි මාසය අවසන් වන විට මෙරට දළ නිල සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 6.1ක් ලෙස සටහන් වූ බවයි. ජනවාරි මාසයේ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවල අගය ඇමරිකානු ඩොලර් මිලියන 573 ක්.

හෙද හෙදියන්ට දැනෙන්න වැටුප් වැඩිවීමක්

රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම යටතේ හෙද හෙදියන් සඳහා සිදුවන වැටුප් වැඩිවීම පිලිබඳව විෂය භාර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විශේෂ අනාවරණයක් සිදු කලේය. මෙහිදි ඔහු සඳහන් කළේ එළැඹෙන අප්‍රේල් මාසයේ සිට මෙම වැටුප් වැඩිවීම් සිදුවන අතර එහිදි සියලු ශ්‍රේණිවල හෙද හෙදියන් සඳහා දැනෙන වැටුප් වැඩිකිරීමක් සිදුකිරීමට රජය පියවර ගෙන ඇති බවත්ය. මෙහිදී වැඩිදුරටක් අදහස් දැක්වූ...

යුක්‍රේන ජනපති තනතුරු අතහැරීමට සැරසෙයි

යුක්‍රේනයට නේටෝ සාමාජිකත්වය ලබා දෙන්නේ නම් තමන් ජනාධිපති ධුරය අත්හැරීමට සූදානම් බව එරට ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර සිටියි. විදෙස් මාධ්‍ය විසින් ජනාධිපති සෙලෙන්ස්කිගෙන් කළ විමසීමකදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය දිනකදී යුක්‍රේන ජනාධිපතිවරයා ‘ඒකාධිපති පාලකයෙකු ‘ලෙසින් හැඳින්වූ අතර, එතැන් පසු නායකයන් දෙදෙනා අතර තරමක විරසකයක් නිර්මාණය වූ බව...

ජාතික ආරක්ෂාව ගැන සැකයක් නෑ – අගමැතිනිය කියයි

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු සැකයක් ඇති කර නොගන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ජනතාවට දැනුම් දෙයි. ඇය ඒ බව සඳහන් කළේ, ජය ශ්‍රී මහා බෝධි සංවර්ධන අරමුදලේ රැස්වීමකට එක්වෙමින් ය. ජයශ්‍රී මහා බෝධි සංවර්ධන අරමුදලේ සභාපතිත්වය දරන්නේ ද, අග්‍රාමාත්‍යවරියයි. 

දේශබන්දුට එරෙහි පෙත්සම් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරයි

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කර ඇති ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් නවයක් විභාගයට ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ. මෙම පෙත්සම් අද (24) ප්‍රීති, පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ, ඒ එච්.එම්.ඩී. නවාස් ශිරාන් ගුණරත්න සහ...

ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය සියලුදෙනා වහාම අත්අඩංගුවට ගන්නැයි නියෝග

ත්‍රිවිධ හමුදාවෙන් පළා ගිය සියලූදෙනා වහාම අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා නියෝග කර තිබේ.
1 20 21 22 23 24 89

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form