චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණයෙන් නායයෑම් 4,800ක් හඳුනාගනී
‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු චන්ද්‍රිකා දත්ත ඔස්සේ සිදුකළ පරීක්ෂණ මඟින් නායයෑම් 4,800ක පමණ ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බව ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් කුමාරී මිගහකොටුව මහත්මිය පවසන්නීය. අද (12) දින ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඇය ඒ බව සඳහන් කළාය. එහිදී ඇය පවසා සිටියේ, දිට්වා සුළි කුණාටුව ඇතිවීමෙන් පසු ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප සහ දත්ත...