විශේෂාංග

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

අද සහ හෙට විදුලි කප්පාදුවක්

පවතින තත්ත්වය හමුවේ විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. විදුලිබල මණ්ඩලය පැවසුවේ අද (10) සහ හෙට (11) දිනයේදී පැය එකහමාර බැගින් විදුලිය කප්පාදුව කිරීමට සිදුවනු ඇති බවය. ඒ අනුව පස්වරු 3.30 සහ රාත්‍රී 09.30 අතර සමස්ත දිවයිනම ආවරණය පරිදි මෙම කප්පාදුව සිදුවනු ඇත. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය යළි පද්ධතියට එක්කරන තෙක් මෙම විදුලි...

යාපනය සරසවියේ සිසුන් දෙපිරිසක් ගැටුමක

යාපනය, විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ඇතිවු ගැටුමකින් විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව යාපනය විශ්වවිද්‍යාල ආරංචි මාර්ග පවසයි. විශ්වවිද්‍යාලයේ නවක සිසුන් පිළිගැනීමේ වැඩසටහනකින් අනතුරුව මෙම සිසුන් අතර ගැටුමක් හටගෙන ඇති බවය. විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ තෙවැනි වසරේ හා සිව්වන වසරේ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ඊයේ (09) සවස ගැටුම හටගෙන තිබුණි. ගැටුමෙන් සිසුන්...

අපනයනකරුවන්ට ජනපතිගෙන් ආරාධනා

ශක්තිමත් ආර්ථික අත්තිවාරමක සිට නැවත නැඟී සිටීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලාංකේය අපනයනකරුවන්ට ආරාධනා කර සිටියේය. වෙළෙඳපොළ අත්පත් කර ගැනීමේ අභියෝගයට අප රට මුහුණ දී තිබෙන්නේ ඉතා ශක්තිමත් ස්ථාවරයක සිට නොවන බැවින් තවත් පාර්ශ්වයක සහාය ලබා ගැනීමට සිදු වූ බව සිහිපත් කළ ජනාධිපතිවරයා, ඒ අනුව පවතින ආර්ථික ස්ථාවරත්වය තුළ ගොඩ නැගුණ අත්තිවාරම මත...

කොළඹ හා තදාසන්න ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

බේරුවල, පයාගල සහ අලුත්ගම ප්‍රදේශවලට හෙට (07) උදෑසන 8 දක්වා ජල සැපයුම අත්හිටුවන බව, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඊට හේතුවී ඇත්තේ, බේරුවල දක්වා දිවෙන ප්‍රධාන නල මාර්ගයක බිඳ වැටීමකි. නල මාර්ගය යථා තත්ත්වයට පත්කිරීම ආරම්භ කර ඇතැයි, ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ ය.

ජනපති හා නව ත්‍රිවිධ හමුදාපතිවරු අතර හමුවක්..

නව ත්‍රිවිධ හමුදාපතිවරු අද පස්වරුවේ ජනාධිපතිවරයා හමු විය. නව යුද හමුදාපති ලුතිනන්  ජනරාල් ලසන්ත රොද්‍රිගෝ, නව නාවික හමුදාපති  වයිස් අද්මිරාල් කාංචන බානගොඩ සහ , නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ යන මහත්වරු මෙලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අතර , මෙය ධුරයට පත්වීමෙන් පසු ත්‍රිවිධ හමුදාපතිවරු හා ජනාධිපතිවරයා අතර සිදු වන...

ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක්

කොළඹ කොටුවේ පිහිටි මහල් 60 කින් සමන්විත ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන තිබේ. එම ගොඩනැගිල්ලේ ඉහළ මහලක මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වෙයි. ගොඩනැගිල්ලේ මහල් 6ක ගින්න පැතිරී ඇති අතර ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ ඒකක දැඩි උත්හාසයක් ගනිමින් සිටී. 

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

 පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30ට රැස් වෙයි. පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 දක්වා  කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 – පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. පෙ.ව 11.00 – 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර ඇත. අනතුරුව...

ලබන වසර සඳහාත් ඖෂධ ඇණවුම් කරයි

වෛද්‍ය සැපයුම් අංශය මඟින් ජනවාරි 31 වැනිදා වන විට  ලබන වර්ෂය සඳහා අවශ්‍ය  ඖෂධ වර්ග 862ක් සහ ශල්‍ය උපකරණ 5000 කට වැඩි සංඛ්‍යාවක් මේ වන විට ඇණුවුම් කර ඇති බවත්, මෙලෙස ඇණවුම් කරන්නේ ඉතිහාසයේ පළමු වතාවට බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. අමාත්‍යවරයා‍මේ බව පැවසුවේ ඊයේ පාර්ලමේන්තුවේ පැවති සභාව කල්තබන අවස්ථාවේ...

200% ඉක්මවා ඉහල ගිය ලුණු මිල

අද දිනයේ සිට ලුණු මිල ඉහල දැමීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර ඇත. ඒ අනුව ග්‍රෑම් 400 ලුණු කුඩු පැකට්ටුවක් රුපියල් 100 සිට රුපියල් 120 දක්වා ද ලුණු කැට කිලෝව පැකට්ටුවක මිල රුපියල් 120 සිට රුපියල් 180 දක්වා වැඩි කෙරේ. හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපති ඩි. නන්දන තිලක මහතා පැවසුවේ ලුණු මිල වැඩි කිරිම...

පුද්ගලික දත්ත සොරාගැනීමේ ජාවාරමක්

රාජ්‍ය ආයතනවල ලාංඡන යොදා ගනිමින් රැකියා ඇබෑර්තු පවතින බවට ව්‍යාජ දැන්වීම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර පුද්ගලික දත්ත සොරා ගැනීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා සඳහන් කළේ, පසුගිය දින කිහිපය තුළ එවැනි සිදුවීම් රැසක් වාර්තා වී ඇති බවය. සිය ලාංඡනය යොදාගෙන...
1 11 12 13 14 15 31

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form