නවතම පුවත්

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

මර්වින් සිල්වා රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔවුන් අද (06) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති බව සඳහන්.

ගම්පහ වෙඩි තැබීමක්

ගම්පහ, කිරිඳිවිට ප්‍රදේශයේදී වෙඩිතැබීමක් වාර්තා වී ඇත. එම වෙඩිතැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වෙන්නේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

හොර තුවක්කු, බෝම්බ අල්ලා දුන්නොත් තෑගි මුදල් වැඩි කරයි

මෑත කාලීනව වාර්තා වූ අපරාධ සම්බන්ධව සලකා බැලීමේදී දිවයින තුල නීති විරෝධී ගිනි අවි සහ අත් බෝම්බ තව දුරටත් සංසරණය වන බව නිරීක්ෂණය වන බැවින් අපරාධ මැඩපවත්වා මහජනතාවට අපරාධ බියකින් තොරව ජීවත් විය හැකි සාමකාමි පරිසරයක් බිහි කිරීම සඳහා පුළුල් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය සැලසුම් කර ඇත. මෙහි එක් පියවරක් ලෙස නීති විරෝධී ගිනි...

අගමැතිනියගේ කාන්තා දින පණිවුඩය

ජාත්‍යන්තර කාන්තා දිනය සැමරෙන අද දවසේ, අප ඉතිහාසයේ තීරණාත්මක මොහොතකට පැමිණ සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කරයි. අදට යෙදී තිබෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පණිවුඩයක් යොමු කරමින් අගමැතිවරිය ඒ බව පෙන්වා දෙයි. එම පණිවුඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, “මෙය අප ලබා ඇති ජයග්‍රහණය සැමරීමට පමණක් නොව, ලොව පුරා කාන්තාවන්ගේ ජීවිතවලට බලපාන ව්‍යුහාත්මක අසමානතාවයන්ට මෙන්ම ස්ත්‍රී...

ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පැනලාද ??

කොළඹ අලුත්කඩේ අධිකරණ ශාලාව තුළදී ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීම මෙරට එය මෙහෙය වූ මහ මොලකාරී ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි නැමැති කාන්තාව බෝට්ටුවකින් මුහුදු මාර්ගය ඔස්සේ ඉන්දියාවට පලායන්නට ඇති බවට සැක පළ වී තිබේ. එම කාන්තාව සැඟවී සිටින බවට ලැබුණු තොරතුරු මත ස්ථාන 200කට ආසන්න ප්‍රමාණයක් ආරක්ෂක අංශ විසින් පරීක්‍ෂා කළ ද ඇය පිළිබඳව...

ජනතාවට දැනෙන ප්‍රමාණයකට ඖෂධ මිල අඩු කරනවා – සෞඛ්‍ය ඇමති

ජනතාවට දැනෙන ප්‍රමාණයකට ඖෂධ මිල අඩු කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (06) පාර්ලිමේන්තුවේදී පැවසීය.  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේ ආණ්ඩු පක්ෂයෙන් විවාදය ආරම්භ කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. වැට් බදු සහ විදුලි බිල සහනය සමඟ ඖෂධ නිෂ්පාදකයන් සහ ඖෂධ ආනයනකරුවන් සමඟ සාකච්ඡා කර...

වගා හානි සඳහා වන්දි ලබාදීම කඩිනමින් අවසන් කරන්න – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

වැසි සහ ආපදා හේතුවෙන් පසුගිය කාලසීමාවේ සිදු වූ වගා හානි සඳහා වන්දි ලබා දීමේ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරින්ට උපදෙස් දුන්නේය. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ අද (06) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය. 2025 අයවැය යෝජනා මගින් කෘෂිකර්ම, පශු සම්පත්,...

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළ නඩුව අද

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් 9 දෙනා සම්බන්ධ නඩුව ස්කයිප් තාක්ෂණය ඔස්සේ අද (07) කැඳවීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය නියෝග කර තිබේ. මීට අදාළ නියෝගය ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විසින් එම අධිකරණයේ ලේඛකාධිකාරීවරිය වෙත නිකුත් කර ඇත. ඊට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස අධිකරණයේ ලේඛකාධිකාරිවරිය විසින්...

මර්වින් සිල්වා එක්ක තව තුන් දෙනෙක් රිමාන්ඩ්

හිටපු මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ සැකකරුවන් අද (06) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. ව්‍යාජ ඔප්පු සකස්කර රජයේ ඉඩමක් පෞද්ගලික අංශයට විකිණීමේ චෝදනාව මත මර්වින් සිල්වා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

රථවාහන අංශයේ නිලධාරීන්ට දෙන ත්‍යාග මුදල ඉහළට

රථවාහන අංශවල රාජකාරි කරනු ලබන නිලධාරීන් සඳහා ගෙවනු ලබන ත්‍යාග මුදල් ගෙවීම් ඉහළ ශ්‍රී ලංකා පොලීසිය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අදාළ නිලධාරීන්ට දැනට ගෙවනු ලබන ත්‍යාග මුදල් 2025.02.01 වන දින සිට බලාත්මක වන පරිදි 25% කින් වැඩිකර ගෙවීම් කටයුතු සිදුකරන ලෙසට වැඩබලන පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු උසස් නිලධාරීන් සහ ස්ථානාධිපතිවරුන් වෙත චක්‍රලේඛයක්...
1 18 19 20 21 22 89

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form