ප්‍රශ්නගත එන්නත ගැන පැහැදිලි කිරීමක්
කොළඹ IDH රෝහලේ රෝගීන් දෙදෙනෙකු මියගියේ ‘ඔන්ඩැන්සෙට්‍රෝන්’ නමැති එන්නත ලබාදීම හේතුවෙන් ද යන්න සම්බන්ධයෙන් තවමත් නිෂ්චිතව තහවුරුකරගැනීමක් සිදුකර නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. අද (17) පස්වරුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ විසින් පරීක්ෂණ කණ්ඩමකින් යොදවා වෙනම...